IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


රියදුරු නැතිව ධාවනය වූ ත්‍රිරෝද රිය අඩි 30 ක් පහළට:හතරක් රෝහලේ

(නිශාන්ත කුමාර )

බදුල්ල මහියංගන ප්‍රධාන මාර්ගයේ   මීගහකිවුල  ප්‍රදේශයේදී අද (20) දහවල් ත්‍රී රෝද රථයක් අඩි 30 ක පමණ ප්‍රපාතයකට පෙරළීයාමෙන්   එහි  ගමන් ගත් කාන්තාවන්  තිදෙනෙකු  ඇතුලු සිව් දෙනෙක්  තුවාල ලබා  මීගහකිවුල දිසා රෝහලට ඇතුළත්  කළ බව පොලීසිය කියයි.

මීගහකිවුල නගරයේ සිට පොල්ගහඅරාව ගම්මානය දක්වා ධාවනය වෙමින් තිබූ මෙම ත්‍රීවිල්  රථයේ රියදුරා කිසියම් අවශ්‍යතාවයක් සඳහා ත්‍රීවිල් රථය වෙළඳසැලක් අසල නවත්වා ඉන් බැස ගොස් ඇති අතර ඒ සමගම,  ධාවනය වූ ත්‍රී රෝද රථය අඩි පනහක් පමණ   මාර්ගය ඉදිරියට  ධාවනය වී  ඉදිරියෙන් තිබූ  අඩි 30පමණ උසැති බෝකුවකින් පහළට පෙරළී යාමෙන් අනතුර සිදුව ඇත.

මීගහකිවුල නගරයේ අද පැවැති ආබාධිතයින්ගේ රැස්වීමකට සහභාගි වීමට පැමිණ නිවෙස් බලා යමින් සිටි ආබාධිත පුද්ගලයින් දෙදෙනෙකුද තුවාල කරුවන් අතර සිටින බව පොලීසිය කියයි.අනතුර සිදුවන අවස්ථාවේ එහි සිටි එක් පුද්ගලයකු   ධාවනය වන ත්‍රී රෝද රථයෙන්    පිටතට පැන තිබේ.

 



අදහස් (0)

රියදුරු නැතිව ධාවනය වූ ත්‍රිරෝද රිය අඩි 30 ක් පහළට:හතරක් රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 527 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site