IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


රඹපොකුණ තේක්ක වගාව ගින්නෙන් වැනසෙයි

(ප්‍රියාණි මංගලිකා)

නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ   ගිණි  තැබීම් තුනකින් නිවසක් සම්පූර්ණයෙන්ම  විනාශ  වී වගා බිම්  රැසක්ද , එහි දේපලද වන රක්ෂිතයක්ද ගින්නෙන්  විනාශ වී ඇති බවද නිකවැරටිය  ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පවසයි.

කිසියම්  පිරිසක් විසින්  සිදු  කර ඇති මෙම  ගිණි  තැබීම්  වලින්  හුලෝගෙදර  ප්‍රදේශයේ   ඉඩම්වලටද ගින්න පැතිරී ගොස්  නිවසක්  සම්පූර්ණයෙන්ම පිලිස්සී  විනාශ  වී  ගොස් ඇති බවද, එහි පදිංචිව  සිටි  සිවු දෙනෙකු ගෙන් යුත් දරු පවුල  අසරණව ඇතිව බවද ඒ වෙනුවෙන්  කටයුතු කරණ බවද ලේකම් කාර්යාලය සඳහන් කලේය .

දලුග්ගොල්ල ප්‍රදේංශයේ සිදු  කළල ගිණි තැබීමෙන්  පොල් පැල  වගා බිම් රැසක් වැනසී , වගා බිම්  වල තිබූ  ජල සැපයුම්  බට පද්ධති හා සෙසු ගහ කොලවලටද  විශාල  වශයෙන්  හානි සිදුව ඇති බවද , ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තව දුරටත්   සඳහන් කරයි.

තවද  වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත්  රඹපොකුණ  තේක්ක  කැලයටද කිසියම්  පිරිසක්  ගිණි  තැබීම හේතුවෙන්  විශාල භූමි ප්‍රමාණයක් ගින්නෙන්  වැනසී   තේක්ක වගාවන්ටද, හානි  සිදුවී වන සතුන්ද   විශාල වශයෙන්  ගින්නට හසුව පිලිස්සී මිය ගොස් ඇති බවද  ලේකම් කාර්යාලය  පවසයි.

⁣ලේකම් කාර්යාල   නිලධාරීන්  ප්‍රදේශ වාසීන් ප්‍රාදේශීය සභාව තරුණ  පිරිස්  එක්ව  ගිනි ගැනීම් මැඩ පැවැත්වීමට පියවර ගත්  බවද, ජීවිත හානි  කිසිවක්  සිදුව නොමැති බවද  ලේකම්  කාර්යාලය  වැඩිදුරටත්  සඳහන් කරයි .

ප්‍රදේශයට  බලපා  ඇති වියලි  කාලගුණික තත්වය  සමග  ඇතිව තිබෙන නියඟය  හමුවේ  ගහ කොල  වියලී ඇති අතර  පවතින සුලඟ තත්වය හේතුවෙන්   ගිණි  තැබීම්වලින්  ඇති වන ගින්න සීඝ්‍රයෙන් පැතිරී යන බවද, මෙවැනි  ගිණි තැබීම්වලින් සිදු  නොකරන  ලෙසද, නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් රේණුකා විජේරූප මහත්මිය ජනතාවට  දැනුම් දී සිටී.

එසේම මේ වන විට  පවතින  නියඟය  හමුවේ    ප්‍රදේශයේ  වැව්  අමුණුු, ලිං  සිඳී  ගොස්  ඇති අවස්ථාවක, ගිණි නිවීම සඳහා ජලය සපයා  ගැනීම  බරපතල  ගැටලුවක්  බවද,  ප්‍රාදේශීය ලේකම් වරිය  ජනතාවට අවධාරණය කර සිටී. 

 



අදහස් (0)

රඹපොකුණ තේක්ක වගාව ගින්නෙන් වැනසෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site