(යොහාන් භාසුර,ඉන්දිකා රාමනායක,ශාන්ත පී බණ්ඩාර සහ චමින්ද ජයලත්)
රඹුක්කන නගරයේ සිදුවූ උණුසුම්කාරී තත්ත්වය අතර තුර එක් අයකු මියගොස් 27 දෙනකු තුවාල ලබා කෑගල්ල සහ රඹුක්කන රෝහල්වල ප්‍රතිකාර ලබන බව වාර්තා වෙයි.
තුවාල ලැබූවන් අතර සහකාර පොලිස් අධිකාරිවරයකු ඇතුළු පොලිසියේ 10 දෙනකු ද තුවාල ලබා කෑගල්ල රෝහලේ ප්‍රතිකාර ලබන බව ද පොලිසිය සඳහන් කරයි.
මේ වන විට ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා යුද හමුදාව කඳවා ඇතැයි ද වාර්තා වෙයි.
කෑගල්ල රෝහල් අධ්‍යක්ෂවරිය එක් අයකු මියගොස් ඇති බව තහවුරු කළාය.
පැය 15කට අධික කාලයක් දුම්රිය මාර්ගය වසා සිටි පිරිස විසුරුවා හැරීම සඳහා පොලිසිය උද්ඝෝෂකයන්ට කඳුළුගෑස් ප්‍රහාරයක් එල්ල කළ අතර ඒ අවස්ථාවේ පොලිසිය සහ උද්ඝෝෂකයන් අතර දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇති විය. ඒ අවස්ථාවේ පොලිසිය දෙසට ගල් ප්‍රහාරයක් එල්ල වි ඇත. සිදු වූ ගැටුමින් තුවා ලැබූවන් අතර හතර දෙනකු බරපතල තත්ත්වයේ පසුවන බව රෝහල් ආරංචි මාර්ග කියයි.
(ශාන්ත පී.බණ්ඩාර)
රඹුක්කන නගරයේ මාර්ග සහ දුම්රිය මාර්ගය වසා සිටින විරෝධතාකරුවන් විසුරුවිම සඳහා රඹුක්කන පොලිසිය කඳුලු ගෑස් ප්‍රහාර එල්ල කළේය.
ඒ අවස්ථාවේ පොලිසිය හා උද්ඝෝෂකයන් අතර උණුසුම්කාරී තත්ත්වයක් හටගත් අතර උද්ඝෝෂකයන් පොලිසියට ගල් ප්‍රහාරයක් ද එල්ල කර ඇතැයි වාර්තා වෙයි. ගල්ප්‍රහාරයට ලක් වූ උද්ඝෝෂකයන් කීපදෙනකු රෝහලට ගත කර ඇතැයි ද ආරංචි මාර්ග කියයි.
ඉන්ධන ගැටළුවට විසැඳම් ඉල්ලා අද අලුයම 1.30 සිට මෙම පිරිස රඹුක්කන නගරයෙන් මහනුවර - කොළඹ දුම්රිය මාර්ගය වසා සිය විරෝධය නිරතවන අතර තවත් පිරිසක් රඹුක්කන - කෑගල්ල,කුරුණෑගල සහ මාවනැල්ල මාර්ගය වසා සිය විරෝධය එලල් කරති.
මේ හේතුවෙන් අද අලුයම සිට දුම්රිය ධාවනයට දැඩි බාධා එල්ල වූ අතර දුම්රිය රැසක් අවලංගු කිරීමට දුම්රිය බලධාරීහු කටයුතු කළහ.




මියගිය පුද්ගලයා
2025 නොවැම්බර් මස 04
539
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2259
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1691
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රඹුක්කන ගැටුමින් අයෙක් මරුට: 27ක් රෝහලට
කිරි පතා Tuesday, 19 April 2022 05:43 PM
ප්‍රශ්නය තෙරුම් අරගෙන රට අකර්මණ්‍ය නොකරන්න කවුරුත් වග බලාගත යතුයි . නැත්නම් මේක කැඳ හැළියක් වෙනවා
Jcn Tuesday, 19 April 2022 06:39 PM
මිනිස්සු එකමුතු වෙන්න ඕන වෙලාවෙ ඇයි මේ එකිනෙකාට හිරිහැර වෙන විදියට හැසිරෙන්නෙ.. මේ රට ට මේ නස්පැත්තිය වෙලා තියෙන්නෙ රාජපක්ෂ ලා හින්දා විතරක් නෙමේ.. මේ වගේ අමන මිනිස්සු නිසා
කිරි මලයා Tuesday, 19 April 2022 07:22 PM
පෙරෙට්ටංට හා ජෙප්පංට අපේක්ෂා කළ මිණිය ලැබී ඇත. අනුර හා කුමාර් කුණරත්නම් සවුදිය පුරා සතුට සමරති.
Chamara Tuesday, 19 April 2022 10:16 PM
මේ මිනිස්සු තෙල් ගනංගියා කියලා පාරවල් වැහුවම එකෙන් අමාරුවෙ වටෙන්නෙත් පාරෙ යන අහිංසක මිනිස්සුම තමයි. පුල්ය්වන් නම් ඔය බස් ටික තමතමංගෙ පලාතෙ ඉන්න මන්ත්‍රීලගෙ ඇමතිලගෙ ගෙවල් ඉස්සරහ ගොහින් නැවැත්තුවනම්, ඒවගේ දෙයකට බයද?