IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


රාමසාන් සමයේ දී මුස්ලිම් රාජ්‍ය සේවකයන්ට විශේෂ වැඩපිළිවෙලක්

(ඩයනා උදයංගනී)

රාමලාන් (රාමසාන්) සමයේ දී මුස්ලිම් රාජ්‍ය නිලධාරීන්ට යාඥා සහ ආගමික වතාවත්වල නිරත විය හැකි වන පරිදි විශේෂ වැඩපිළිවෙළක් සකස්කර ඇතැයි රාජ්‍ය පරිපාලන,  ස්වදේශ කටයුතු,  පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා පැවසීය.

ඊට අදාළ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ (04/2023) මේ වන විට සියලුම අමාත්‍යාංශ ලේකම්වරු, පළාත් ප්‍රධාන ලේකම්වරු, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන් වෙත නිකුත් කර ඇතැයි ද ලේකම්වරයා කීය.

රාමසාන් සමය මෙම මස 23 දින ආරම්භ වී අප්‍රේල් 21 වැනිදායින් අවසන්වීමට නියමිතව ඇති අතර එම කාලසීමාව තුළදී සියලුම මුස්ලිම් රාජ්‍ය නිලධාරීන්ට ආගමික වතාවත්වල යෙදිය හැකි වන පරිදි වැඩමුර සකස් කරදීමත්, නොවැළැක්විය හැකි අවස්ථාවලදී පමණක් විශේෂ නිවාඩු අනුමත කිරීමත් මෙම චක්‍රලේඛය අනුව සිදු කළ හැක.

රාමලාන් (රාමසාන්) අවසන් වීමට දින 14කට පෙර රාජ්‍ය සේවයේ,  රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩලවල සුදුසුකම් ඇති මුස්ලිම් රාජ්‍ය නිලධාරීන්ට උත්සව අත්තිකාරම් ලබාදීමට පියවර ගන්නා ලෙස අදාළ නිලධාරීන්ට උපදෙස් දුන් බව  ද ලේකම්වරයා සඳහන් කළේය. 

 



අදහස් (4)

රාමසාන් සමයේ දී මුස්ලිම් රාජ්‍ය සේවකයන්ට විශේෂ වැඩපිළිවෙලක්

Hafeel Sunday, 05 March 2023 03:17 PM

මේ වරප්‍රසාද වලට මුවාවී රට ගැන හිතලා මේ මූසල පාලකයින්ට ඡන්දය නම්, දෙන්න එපා. මෙච්චර කල් රාමසාන් උපවාස මාසය තුළ ආගමික වතාවන්වල නිරත වුනේ නැද්ද? මේ මොහොතේ ඡන්ද තියන ආර්ථිකය හොඳ නැහැ කියමින්, රාමසාන් උත්සවය සඳහා අත්තිකාරම් දෙන්න තරම් ආර්ථිකය හොඳ වෙලා. ඒ නිසා මුස්ලීම් බැතිමතුන්ගෙන් මම ඉල්ලා සිටින්නේ, රට ගැන හිතලා බුද්ධිමත්ව ඡන්දය දෙන්න....

:       0       0

සුරංගොඩ Sunday, 05 March 2023 06:15 PM

ඒ කට්ටිය සඳහා හැම වසරේම මෙහෙම කරනවා තමයි.... ඒ අතරේ සිකුරාදා දවසේත් දහවල් කෙටි නිවාඩුවක් තියෙනවා කියලා මතක් වුණා...

:       0       0

Nandana Sunday, 05 March 2023 09:43 PM

මේ මොන විකාර වැඩක්ද? සියලු ආගම් ඇදහීම සහ රාජකාරිය පටලවාගන්න එපා... සියලු ශ්‍රී ලාංකිකයින්...!

:       0       0

jagath Monday, 06 March 2023 10:03 AM

පෝයක් තියනවද කියලාවත් මතක නැති රනිල්ට රාමසාන් ?සුළු චන්ද බලාගෙන රනිලා යූ.ඇන්.පී එක නැත්තටම නැති කළා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 380 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 225 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site