IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


රමේෂ් පතිරණගෙන් සජිත්ට අභියෝගයක්

(අමල් වික්‍රමරත්න)

ග්‍රාමීය ජනතාව හොඳින් හඳුනනවා කියන සජිත්ට අපි අභියෝග කරනවා ඇල්පිටිය ආසනය මෙහෙයවලා පුළුවන්නම් සියයට 40 ක ඡන්ද ප්‍රමාණයක් අරගෙන පෙන්නන්න කියලා , සියයට 60 කට වැඩි ඡන්දයකින් අපි ඇල්පිටිය දිනනවා යැයි ද පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් පතිරණ මහතා අද (01) අක්මීමන දී පැවසීය.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මැතිවරණ ප්‍රචාරක වැඩපිළිවෙල දැන් ඉතාම හොඳින් ගම්දනව් සිසාරා කෙරීගෙන යනවා. ගමේ මට්ටමේ ජාතික මට්ටමේ සමුළු පවත්වන මට්ටමට ගෙහින් තියෙනවා.

දැන් අපි ලංකාවේ ශක්තිමත්ම සහ වඩාත් සංවිධානාත්මක පක්ෂය බවට පත් වෙලා තියෙනවා. ලංකාවේ 7 වෙනි ජනාධිපතිවරයා බවට ගෝඨාභය රාජපක්ෂ පත් කිරීමට අවශ්‍ය සියලුම කටයුතු මේ වන විට සිදුකෙරෙමින් පවතිනවා.

පොදු ජන පෙරමුණ ජයග්‍රහණය කරා ගමන් කරමින් සිටියත් එජාපය තවමත් ඔවුන්ගේ අපේක්ෂකයා පවා තෝරාගැනීමට නොහැකිව සිටිනවා.

ඒක අද විශාල අර්බුධයක් දක්වා ම ගිහින් පක්ෂය දෙකට තුනට කැඩෙන තත්වයට පත්වෙලා. එක පැත්තකින් සජිත් අනිත් පැත්තෙන් කරු තවත් පැත්තකින් රනිල් තාමත් කියන්නේ පත් කරන අපේක්ෂකයා තීරණය කරන්නේ පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය කියලයි.

අපි විශ්වාස කරන විදිහට සජිත් කරු මොනවා කිව්වත් මේ වතාවේ එජාප අපේක්ෂකයා වෙන්නේ රනිල් බවට අපිට සැකයක් නෑ.හැබැයි සජිත්ට භුමියේ හොඳ සටනක් දීලා අපේක්ෂකත්වය ලබා ගන්න හොද අවස්තාවක් එලබිලා තියෙනවා.

ඒ අවස්තාව තමයි ඔක්තෝම්බර් මාසේ පළමු සතියේ පැවැත්වීමට නියමිත ඇල්පිටියේ ප්‍රාදේශීය සභා මැතිවරණය අපි පොදු පෙරමුණ බොහොම ශක්තියෙන් ඉන්නවා.

අපි අභියෝග කරනවා ගයන්ත කරුණාතිලකගේ ආසනය ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක සජිත්ගේ හොද හිතවතෙක් ඇල්පිටිය කියන්නේ හොද ග්‍රාමීය ප්‍රදේශයක් ග්‍රාමීය ජනතාව හොදින් හදුනනවා කියන සජිත්ට අපි අභියෝග කරනවා පුලුවන්නම් ඇවිත් ඇල්පිටිය ආසනය මෙහෙයව සියයට 40 ක ඡන්ද ප්‍රමාණයක් අරගෙන පෙන්නන්න කියලා.

 

 



අදහස් (0)

රමේෂ් පතිරණගෙන් සජිත්ට අභියෝගයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 426 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16829 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 651 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site