IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


’’රිමාන්ඩ්’’වෙනුවට වෙන විකල්පයක් එයි

(අංජුල මහික වීරරත්න)

රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට විකල්පයක් වශයෙන් නිවාස අඩස්සියේ රඳවා තැබීම පිණිස නීතිමය විධිවිධාන හඳුන්වාදීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

මෙරට බන්ධනාගාරවල පවතින තදබදය දීර්ඝකාලීන ගැටලුවක් ලෙස හඳුනාගෙන ඇතැයි රජය පවසයි.

එම ගැටලුවට පිළියමක් වශයෙන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට, බන්ධනාගාරගත කිරීමට විකල්පයක් ලෙස සුදුසු නඩු කටයුතුවල සැකකරුවන් සහ වැරැදිකරුවන් නිවාස අඩස්සියේ  රඳවා තැබීමට නීති ප්‍රතිපාදන හඳුන්වාදීම සඳහා යෝග්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර ඇත.

එකී නිලධාරී කමිටුව විසින් ඉදිරිපත් කරන ලද වාර්තාව පදනම්ව යෝග්‍ය නීති හඳුන්වාදීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස අධිකරණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.



අදහස් (5)

’’රිමාන්ඩ්’’වෙනුවට වෙන විකල්පයක් එයි

බද්රානි Tuesday, 12 December 2023 03:14 PM

දේශපාලකයින්ට හා ලොකු ලොක්කන්ට පමණක් නොවෙයි, මේ රටේ සියලුම වැරදිකරුවන්ට "බන්ධනාගාර රෝහල්" ගත වෙන්න කැබිනට් අනුමැතියක් ලබා ගන්න බැරි වෙයිද..?

:       0       32

Kazi Shajahan Tuesday, 12 December 2023 04:28 PM

තව මාස 08ක්, 09ක් ගතවෙනකොට, මහබැංකු හොරු, පාස්කු මොළකාරයෝ, කොමිස් ගහපු අය, එකපාරටම පොහොසත් වුණු අය ජේල් එකට යන්න වෙනවා. එම නිසා දැන්ම ඉඳන් ලෑස්ති වෙනවා වගේ ජේල් එකට යන්නේ නැතිව තමන්ගේ ගෙදරම ඉඳන් නීති හදාගන්න...!

:       0       1

Saman Tuesday, 12 December 2023 06:10 PM

තව මාස දහයකින් ලොකු පුටුවල ඉන්න ගොඩකට ප්‍රයෝජනවයත් වෙයි.

:       0       0

Bamunuarachchi Tuesday, 12 December 2023 06:28 PM

එතකොට හැම නිවාසයක් ගාවම පොලිස් කාරයෙක් තියන්න වෙනවා. ඒ නිවාසවලට පොලිස් ආරක්‍ෂාව ඉබේම ලැබෙනවා. කුඩුකාරයෝ ගෙදර ඉඳන්ම බිස්නස් කරාවි. මරේ මරු...!

:       0       0

සුදුනෝනා Wednesday, 13 December 2023 08:30 AM

දවල් මිගෙල් රෑ දනියෙල් වෙන්න පුළුවන් වේවි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 118 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site