IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


රොබෝ ඉංජිනේරුවෙක් නැනෝ ලී සෙල්ලම් බඩු හදයි

(ගයාන් සූරියආරච්චි)

රොබෝ තාක්ෂණික ඉංජිනේරු රඛිත බ්‍රිෙටා්  විසින් නැනෝ තාක්ෂණය උපයෝගීකරගනිමින් පරිසර හිතකාමී ලී සෙල්ලම් බඩු නිපදවා තිබේ.

ටොන් ගණනින් ප්ලාස්ටික්  සෙල්ලම් බඩු වෙළෙදපොළට නිකුත් කෙරන වාතාවරණයක් යටතේ පරිසරයට හිතකර ලෙස දරුවන්ගේ සෙල්ලම් බඩු නිපදවීමට රඛිත පෙළැඹිණි. මෙම සෙල්ලම්බඩුවල ඇති සුවිශේෂීත්වය නම් කාලයක් යනතුරු දිලීර ආසාදනය නොවීමය.

ඒ පිළිබදව අදහස් දක්වමින් රඛිත අදහස් පළ කළේය.

‘අද පවතින ඉහළ තාක්ෂණික දැනුමත් සමග ලී සෙල්ලම් බඩු තරමක් පරණ යල්පැණ ගිය එකක් යැයි සිතෙන්නට පුළුවන්. එහෙත් කොතරම් තාක්ෂණික සෙල්ලම් බඩු සමාජයේ තිබ්බත් ඒවායින් දරුවන්ගේ මනස වර්ධනයට උපකාරි වන්නේ අල්ප වශයෙනි. ඊට හේතුව එවායින් සරල සංකල්ප ඉදිරිපත් නොවීමයි.

ලී සෙල්ලම් බඩු වලින්  දරුවාට සහ පරිසරයට ලැබෙන ආරක්ෂාව කියා නිම කරන්න බැහැ.  මිලියන ටොන් ගණන්වලින් ප්ලාස්ටික් සෙල්ලම්බඩු පරිසරයට මුදා  හැරෙනවා. එයින් ඇතිවෙන මයික්‍රෝ  ප්ලාස්ටික් ප්‍රමාණය ද පරිසරයට විශාල ගැටලුවක් වෙලා තියෙනවා . 

මෙම ලී සෙල්ලම් බඩු කල් පවතින ඒවා වන අතර, කිසිදු බැටරි හෝ විදුලි බුබුළු අවශ්‍ය වෙන්නේ නෑ. ලී සෙල්ලම් බඩු දරුවාගේ වයසට හා  රුචිකත්වයට ගැලපෙන පරිදි සකස් කරන්න පුළුවන්. ලී බඩුවල දිලීර ඇතිවීම ලොකු ප්රීශ්නයක් වන අතර අපි නැනෝ තා ක්ෂණය භා විත කරමින් දිලීර ඇතිවීම වළක්වාලමින් ලී සෙල්ලම් බඩුවලට ආරක්ෂාවක් ලබා දී තිබේ. එමෙන්ම පාරජම්වබූල කිරණවලින් ආරක්ෂාව , දුර්වර්ණවීම වැළැක්වීම ,ජල අංශු විකර්ෂණය නැනෝ  තාක්ෂණය මගින් ලබා  දී තිබෙනවා.‘ යැයි රඛිත පැවැසීය.

 

 



අදහස් (3)

රොබෝ ඉංජිනේරුවෙක් නැනෝ ලී සෙල්ලම් බඩු හදයි

Anonymous Friday, 01 September 2023 07:49 PM

හොඳයි.

:       1       11

මහසෙන් Friday, 01 September 2023 08:04 PM

ඉතා හොඳ ආරම්භයක්. ලී සෙල්ලම් බඩුවක සරල යාන්ත්‍රික ක්‍රියාවලිය ළමා මනසක තැන්පත් වෙනවා. ඒ ඔස්සේ දියුණුවන නිර්මාණ හැකියාවන් සමග වයසින් වැඩෙත්ම සුපිරි නව නිර්මාණ කරුවන් බිහිවේවි. නූතන ඉලෙක්ට්‍රෝනික සෙල්ලම් බඩු ළමා මනස රවටනවා විනා ක්‍රියාකාරීත්වය තේරුම් කර දෙන්නේ නෑ. අපද කුඩාකළ ඇසුරු කල ලී සෙල්ලම් බඩු අපේ තාක්ෂණ ගුරුවරයා වුණා. මේ කාර්යය ඉදිරියට ගෙනයාමට ශක්තිය ලැබේවා...!

:       1       17

Bunny Preena Saturday, 02 September 2023 10:01 AM

හොඳ වැඩක්... කුඩා කර්මාන්ත සංවර්ධන අමාත්‍යාංශ නිලධාරින්ගේ අවධානය යොමුවේවා..!

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 351 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1008 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site