(මුදිතා දයානන්ද)
රූපවාහිනී සංස්ථාව 2021 වසරේදී විසි දෙකෝටි හැත්තෑ තුන් ලක්ෂයක් පාඩු ලබා ඇතැයි විගණන වාර්තාවකින් අනාවරණය වේ.
සංස්ථාව පසුගිය වසර පහක් තිස්සේ අඛන්ඩව පාඩු ලබමින් පවත්වාගෙන ගොස් ඇති බවද 2018 වසරේදී පමණක් රාජ්‍ය ප්‍රදාන හේතුවෙන් ලාභ ලබා ඇති බවද එම වාර්තාවේ සඳහන් වේ.
එම වාර්තාවට අනුව වසර අවසානයේ ණය ගැතියන් ගෙන් අය විය යුතු මුදල රුපියල් කෝටි 38කට ආසන්න වන අතර එයින් දාහත් කෝටි පනස් ලක්ෂයක්ම රාජ්‍ය ආයතනවලින් අය විය යුතු ණයවේ.
රාජ්‍ය ආයතනවලින් අය විය යුතු බව කියන ණය මුදලින් කෝටි නවයක හා පෞද්ගලික ආයතන වලින් ලැබිය යුතු බව කියන එක් කෝටි දස ලක්ෂයක ණය ශේෂ සනාථ කිරීමට සාක්ෂි නැතැයි ද එම වාර්තාවේ සඳහන් වේ.
මෙම සමස්ත ණය මුදලින් වසර හතර ඉක්මවු ණය ප්‍රමාණය කෝටි දොළහකට ආසන්න බවද එයින් නැවත අය කර ගැනීම සඳහා නීතිමය පියවර ගෙන තිබෙන්නේ කෝටි හතරකට ආසන්න මුදලක් සඳහා පමණක් බවද එහි දැක්වේ.
ඒම ණය මුදල් අතර පවතින ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ගෙවිය යුතු කෝටියක මුදල ගෙවීමට නොහැකි බවද එය විධිමත් ගිවිසුමකට එළැඹීමකින් තොරව සිදුකළ කාර්යයක් බවද එම බැංකුවෙන් දැනම් දී ඇතැයිද විගණන වාර්තාවේ සඳහන් වේ.
2025 දෙසැම්බර් මස 18
123
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
949
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රූපවාහිනියේ ඉකුත් වසරේ පාඩුව කෝටි 23කට ආසන්නයි