IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


රූපවාහිනියට කඩා පැන්න ධානිශ් අලී ඇතුළු දෙදෙනකුගේ විදෙස් ගමන් තහනම්

(නිමන්ති රණසිංහ)

අරගලකරුවන් පිරිසක් ජාතික රූපවාහිනි සංස්ථාවට කඩා වැදී මාධ්‍යවේදීන් ඇතුළු කාර්ය මණ්ඩලය බියගන්වා තර්ජනය කර සජීවී රූපවාහිනී වැඩසටහනකට සම්බන්ධවීමේ සිද්ධියට අදාළව රොෂාන් අලි ධානිශ් අලී සහ චමින්ද කැලුම් ප්‍රිය අමරසිංහ යන දෙදෙනාගේ විදෙස් ගමන් තහනම් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා අද (28) නියෝග කළේය.

මෙම නියෝගය ආගමන විගමන පාලකවරයා වෙත දැනුම් දෙන ලෙසටද මහේස්ත්‍රාත්වරයා අධිකරණ රෙජිස්ටාර්වරයාට නියම කළේය.

මෙම සිද්ධියට අදාළව ඉහත නම් සඳහන් අය සැකකරුවන් වශයෙන් හඳුනාගෙන ඇති බැවින් ඔවුන් දෙදෙනාගේ විදෙස් ගමන් තහනම් කරන ලෙසට කුරුදුවත්ත පොලිසිය කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

වරෙන්තුවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින රොෂාන් අලි ධානිශ් අලී නමැත්තා ලබන පළවෙනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට බන්ධනාගාරයට නියෝග කළ අධිකරණය එම සැකකරුගේ හඳුනාගැනීමේ පෙරට්ටුව අවලංගු කළේය.

මෙම සැකකරු සම්බන්ධයෙන් මාධ්‍යවල ඡායාරූප සහ වීඩියෝ දර්ශන පළවීම හේතුවෙන් හඳුනාගැනීමේ පෙරට්ටුව පැවැත්වීමේ අවශ්‍යතාවක් නොමැති බවට සඳහන් කරමින් මහේස්ත්‍රාත්වරයා එම හදුනාගැනීමේ කැරට්ටුව අවලංගු කළේය.



අදහස් (2)

රූපවාහිනියට කඩා පැන්න ධානිශ් අලී ඇතුළු දෙදෙනකුගේ විදෙස් ගමන් තහනම්

C.K.Lankaputhra Thursday, 28 July 2022 07:01 PM

මේ අය රූපවාහිනිය ඇතුළට ගියේ පොලිසියේ හතර දෙනෙක් එක්කනේ, අපි TV එකේ දැක්කනේ... බොරුනේ කඩා වැදුණා කියන්නේ...

:       0       0

Bamunuarachchi Friday, 29 July 2022 06:37 AM

එදා රූපවාහිනියේ වීරයින් වගේ රඟපෑ හැටි, අද බලුවෙලා ඉන්න හැටි රූපවාහිනියෙන්ම පෙන්වන්න. ඉදිරියටත් අරගල කරන්න යන අය පරිස්සම් වෙන්න.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 308 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 793 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 143 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site