IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


රුපියල් 475 මාස්ක් 2050 අරන්

(මුදිතා දයානන්ද)

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙන් එකක් රුපියල් 475කට මිලදි ගත හැකිව තිබියදි රාගම ශික්ෂණ රෝහලේ කළමණාකාරිත්වය 2020 වසරේදී එකක් 2050 බැගින් එන් 95 මුහුණු ආවරණ 1080ක් මිලදී ගැනීමෙන් රුපියල් දාහත් ලක්ෂයක පාඩුවක් සිදුකිරිම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂනයක් සිදුකරන ලෙස විගණකාධිපති දෙපාර්තමේන්තුව සෞඛ්‍ය අමාත්‍යංශයට නිර්දේශ කර තිබේ.

මේ බව සඳහන් වන්නේ සෞඛ්‍ය අමත්‍යාංශය සම්බන්ධයෙන් 2021 වසරේ දෙසැම්බර් 31 දිනට සිදුකළ විගණන වාර්තාවේය.

මෙම මුහුණු ආවරණ මිලදි ගෙන තිබුණේ වෛද්‍ය සැපයුම් අංශය විසින් එම රෝහලට ප‍්‍රමාණවත් තරම් මුහුණ ආවරණ සපයා තිබියදි බවද එහි සඳහන් වේ.

වෛද්‍ය සැපයුම් අංශයෙන් ලබාදුන් මුහුණු ආවරණ රසායනාගාර සේවකයින්ගේ ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බවට ක්ෂුද්‍රජීව විශේෂඥ වෛද්‍යවරියගේ ඉල්ලීම පරිදි නව මිලදි ගැනීම සිදුකළ බව රෝහලේ කළමණාකාරිත්වය විගණනයට දැනුම් දි තිබේ.

මෙම භාණ්ඩ මිලදී ගැනිමේදි නිසි ප‍්‍රසම්පාදන ක‍්‍රියාවලයකට යටත්ව සිදුකළ නැති බවද එම ක‍්‍රියාවලියේ ගැටලූ රැුසක් ඇති බවද එහි ස\හන් වේ.

විගණන වාර්තාවට අනුව ප‍්‍රසම්පාදනයේදි ඉදිරිපත් කර තිබු ලංසුවලින් එකක් ව්‍යාජවේ. ලංසුකරුවන් තිදෙනෙක්ම මෙම භාණ්ඩ සැපයුම සඳහා ලියාපදිංචි වුවන් නොවේ. එසේම මෙම මිලදි ගැනීම සිදුකළ සැපයුම්කරුගෙන් සිදුකළ මිල ගණන් කැඳවීම් විගණනයට ඉදිරිපත් නොකළ අතර එය සිදුකලේ ෆැක්ස් මගින් බවට කළමණාකාරිත්වය දන්වා ඇත.

එහෙත් ඒ සඳහා සාක්ෂිද ඉදිරිපත්ව නැත. පසුව රෝහල් කළමණාකාරිත්වය කරුණු දක්වමින් සඳහන් කර තිබෙන්නේ හදිසි මිලදි ගැනීමක් නිසා ි දුරකථනයෙන් මිල ගණන් ලබාගෙන ගනුදෙනුව සිදුකළ බවය.

 



අදහස් (2)

රුපියල් 475 මාස්ක් 2050 අරන්

sharm warn Monday, 21 November 2022 11:51 AM

ඇමතිගෙ පටන් පගාව, ජරාව සහ කොමිස් කන පාර්ලිමෙන්තුවක් ඉන්න රටක. . එ හොරාකෑම් පහලට පහලට එනවමයි. . මෙව අල්ලනව නම් උඩින් වෙන එවත් අල්ලන්න ඔන නැද්ද? නෑ මන් මෙ දැන ගන්න අහන්නෙ..

:       2       8

මුදියන්සේ.. Monday, 21 November 2022 08:49 PM

විගණකාධිපති දෙපාර්තමේන්තුව මගින් අනාවරණය කෙරෙන මෙවන් දූෂණ වංචා සම්බන්ධයෙන් එම වංචනිකයින්ට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාවක් නැද්ද ? නීතිමය ක්‍රියාමාර්ග ගෙන මොවුන්ගෙන් අයකර ගැනීම සහ අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීමට නොහැකි නම් හොරුන්ට රිසි සේ කටයුතු කරගෙන යාමට ඉඩ දීම උචිත වනු ඇත.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 123 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site