IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


රුපියල් කෝටි 960ක් ගොවි ගිණුම්වලට

(අංජුල මහික වීරරත්න)

2023/24 මහ කන්නයේ දී වී වගාව ආශ්‍රිත කෘෂිකාර්මික කටයුතු සඳහා රුපියල් කෝටි 960ක් ගොවි ජනතාව වෙත ලබා දී ඇතැයි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.

අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත මහ කන්නයේ වී වගාව හා ඒ ආශ්‍රිත කෘෂිකාර්මික කටයුතු සඳහා ගොවි ගිණුම්වලටම මුදල් බැර කිරීමට පියවර ගත් බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන්  කරයි. 

ඒ අනුව හෙක්ටයාර් එකකට රුපියල් 15,000ක බැගින් ගොවීන් ලක්ෂ 12කට එම මුදල් ලබා දීමට රජය තීරණය කළේය.

මේ වනවිට රුපියල් බිලියන 9.6ක මුදලක් ගොවි ගිණුම්වලටම බැර කර ඇති බව ගොවිජන කොමසාරිස් ජනරාල් ඒ. එම්. එච්. එල්. අබේරත්න මහතා කීය.

අද දිනයේ තවත් රුපියල් මිලියන 450ක් ගොවි ගිණුම්ගත කිරීමට නියමිතව ඇති බවත්, මේ වනවිට සමස්ත වී වගා කරන ගොවීන්ගෙන් සියයට 93කට මහ කන්නයේ වී වගාව ආශ්‍රිතව පොහොර මිල දී ගැනීම ඇතුළු කෘෂිකාර්මික කටයුතු  සඳහා රුපියල් 15,000ක දීමනාව ගිණුම්ගත කර අවසන් කර ඇති බව ද හෙතෙම පැවසීය.



අදහස් (0)

රුපියල් කෝටි 960ක් ගොවි ගිණුම්වලට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 232 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 174 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site