IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


රුපියල් කෝටියක සිගරැට් රේගු දැළේ

(යොහාන් භාසුර)

ඩුබායි සිට ඕමානයේ මස්කට් නගරය හරහා පැමිණි ශ්‍රී ලාංකික ගුවන් මගීන් පස් දෙනෙකු නීති විරෝධිව රැගෙනආ රුපියල් කෝටියක් පමණ වටිනා සිගරැට් තොගයක් කටුනායක ගුවන් තොටුපලේදී ශ්‍රී ලංකා රේගු නිලධාරීන් අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා මහතා පැවසීය.

සිගරැට් කාටුන් 810 ක තොගය ඉතා සූක්ෂ්ම ලෙස ඔවුන්ගේ ගමන් මළු තුළ සඟවා ගෙන පැමිණ තිබූ බවත් මෙම පුද්ගලයින් කොළඹ මාලිගාවත්ත, මොරටුව සහ හලාවත ප්‍රදේශවල පදිංචිකරුවන් බවත් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.  

එම සැකකරුවන් සිය ගමන් මළු තුළ පුද්ගලික භාණ්ඩ අඩංගු බවට රේගුවට හඟවා ගුවන් තොටුපල රේගුවට ප්‍රකාශ කිරීමට භාණ්ඩ නොමැති මගීන් සඳහා වෙන් කර ඇති හරිත මාවත හරහා ගුවන් තොටුපලෙන් පිටත් වීමට උත්සාහ කළ බවත් මෙම සිගරැට් තොගය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කර සිගරැට් තොගය රාජසන්තක කර සැකකරුවන්ට දඩ නියම කිරීමට ශ්‍රී ලංකා රේගුව කටයුතු කරමින් සිටින බව ද රේගු මාධ්‍ය ප්‍රකාශක සුදත්ත සිල්වා මහතා වැඩි දුරටත් සඳහන් කළේය.



අදහස් (2)

රුපියල් කෝටියක සිගරැට් රේගු දැළේ

piyadasa wittachchi customs pensoners guild Friday, 26 August 2022 09:53 PM

අපගේ උණුසුම් සුබපැතුම්... ඔබසැමටම තව ශක්තිය ලැබේවා..

:       0       2

පුරුද්ද Friday, 26 August 2022 11:22 PM

පුරුද්ද නිසා බය නැතිව ඔය දේ කරනවා කිසිම බියක් නැතිවම..! ඔය සිගරට් ඇල්ලූ රේගු නිලධාරීන්ව ඇගයීමකට පත්කළ යුතුයි...! එසේම සිගරට්‍ රාජසන්තක කළා සේම නියම කළ දඩයද දැමිය යුතුය!

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 428 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1029 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site