(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මරණීය දණ්ඩනය නියම වැලිකඩ බන්ධනාගාරය තුළ රඳවා ඇති රැඳවියෙකු තවත් රැඳවියකුට මහා දවාලේදි බරපතළ ලිංගික අපයෝජනයක් සිදු කර ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.
රැඳවියා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇත.
පුද්ගල ඝාතන සිද්ධියකට මරණීය දණ්ඩනය නියමව සිටින රැඳවියා දූෂණ චෝදනාවකට වසර 6ක සිර දඬුවම් විදින රැඳවියකුට ලිංගික අපයෝජනය කර ඇතැයි විමර්ශනවලදී අනාවරණය වී ඇත.
එම සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන් බොරැල්ල පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව විමර්ශන ආරම්භ කර ඇත.
29 හැවිරිදි රැඳවියා ශාරීරික අවශ්‍යතාවයක් සඳහා වැසිකිළියට ගිය අවස්ථාවේදී ඒ තුළට බලහත්කාරයෙන් කඩා වැදුණු 52 හැවිරිදි රැඳවියා 29 හැවිරිදි රැඳවියා ගේ කට වසා ලිංගික අපචාරය සිදුකර ඇතැයි පොලිසිය සඳහන් කරයි.
ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බොරැල්ල පොලිසිය එම අපචාර සිද්ධිය ඇසින් දුටු බව කියමින් 45 හැවිරිදි රැඳවියකු ගේ ප්‍රකාශ මෙන්ම ලිංගික අතවරයට පත්වූ රැඳවියන්ගේ ප්‍රකාශ සහ අතවරය සිදුකල රැඳවියාගේ ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි උසස් පොලිස් නිලධාරියෙකු කිය.
බොරැල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනක පියදර්ශන විතානගේ මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
රැඳවියාට අකර තැබිබක්
pinsiri Thursday, 26 January 2023 04:34 AM
ඔයවගේ දේවල් වෙහෙර විහාරස්ථාන තුලත් සිද්ධවෙන්නේ
sharm warn Thursday, 26 January 2023 09:23 AM
හපොයි .....
jayasekara Thursday, 26 January 2023 10:01 AM
දූෂණය කළාට සිර දඬුවම් වලට අමතරව ... ප්‍රායෝගික දඬුවමකුත් ලැබිලා...