
(විමුක්ති එස් රුද්‍රිගු සහ ටී කේ ජී කපිල)
රුපියල් කෝටි 21 වටිනා කැරට් 24 රත්‍රන් බිස්කට් 51 රටතුළට ජාවාරම් කිරීමට උත්සාහ දැරූ සැකකරුවකු අත් අඩංගුවට ගැනීමට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ රේගු නිලධාරීන් සමත් වී ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහේවා මහතා අද (14) ප්‍රකාශ කළේය.
අත් අඩංගුවට ගත් රත්‍රන් තොගයේ බර කිලෝ ග්‍රෑම් 5.941 ක් බවත් සැකකරු 54 හැවිරිදි ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ කාර්ය මණ්ඩල සාමාජිකයකු බවත් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසුවේය. සැකකරු සිය මේස්වල සුක්ෂම අයුරින් මෙම රත්‍රන් බිස්කට් තොගය සඟවා ගෙන රට තුළට ගෙන ඒමට උත්සාහ දරා ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.
සැකකරු බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ කාර්ය මණ්ඩල සාමාජිකයන් පිටවන දොරටුව අසලදී අද(14) පෙරවරු 6.50 ට පමණ රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබ ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසුවේය.

2025 ඔක්තෝබර් මස 08
1919
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1528
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
535
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
රන් බිස්කට් පන්නන්න හැදූ ගුවන් තොටුපොළ සේවකයා මාට්ටු
ජිල්බු Sunday, 14 September 2025 01:05 PM
තාමත් බිස්නස් එකේ ඉන්නව දෙපැත්තෙන්ම..
Wasantha Sunday, 14 September 2025 03:06 PM
නිකන්ම සේවකයෙක් නොවෙයි. ගුවන් තොටුපල ආරක්ෂක අංශයේ මාශල් කෙනෙක්ලුනේ අහුවෙලා තියෙන්නේ. මුලු ගුවන් තොටුපලේම ආරක්ශාව භාර දීලා තියෙන්නේ මේ ගොල්ලන්ට...
Nandana Sunday, 14 September 2025 09:00 PM
සියලු දේපළ රජය සතු කරන්න.
Lalla Monday, 15 September 2025 09:26 AM
ලක්ෂ ගණනක වැටුප් ගන්න කාලකන්නියෙක් ඒක මදිවට හොරකමේ ගිහිල්ල. රැකියාවට කරන අපහාසයක්.