IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


රොනී ද මැල් සමු දෙයි

(සුජිත් හේවාජුලිගේ )

ලාංකේය දේශපාලන ක්ෂේත්‍රයේ පෙරළිකාර චරිතයක්වූද හිටපු මුදල් අමාත්‍යවරයකුවූද ප්‍රකට ආර්ථික විශේෂඥයකුවූද රොනී ද මැල් මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී අද ( 27) අභාවප්‍රාප්ත විය.

මිය යන විට ඔහු 99 වැනි වියේ පසුවිය.

මුදල් සහ ක්‍රම සම්පාදන අමාත්‍යවරයා ලෙස 1977 සිට 1988 දක්වා කටයුතු කළ රොනිද මැල් මහතා මෙරටට නිදහස් වෙළෙඳ ආර්ථිකය හඳුන්වා දීමේ පුරෝගාමියාද විය.

ජනාධිපති ජේ ආර් ජයවර්ධන මහතාගේ නායකත්වය හා මග පෙන්වීම යටතේ ශ්‍රී ලංකා ඉතිහාසයේ වැදගත් යුගයක මුල් තැන ගැනීමට මැල් මහතා සමත් විය.

ජනාධිපති ජයවර්ධන මහතාගේ ජේෂ්ඨ උපදේශකවරයකු වූ හෙතෙම සම්භාවනීය සිවිල් සේවයේ හිටපු නිලධාරියෙකි.

සිවිල් සේවා නිලධාරියකු ලෙස ඔහු අමාත්‍යාංශ ගණනාවකද ඉහළ තනතුරු හෙබවීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මුලින්ම දේශපාලනයට පිවිසි රොනී ද මැල් මහතා මාතර දිස්ත්‍රික්කයේ දෙවුන්දර ආසනයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස මුලින්ම තේරී පත්විය.

ඔහු 2004 වර්ෂය දක්වා මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළේය.

මැල් මහතා මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් අයවැය 11ක් ඉදිරිපත් කර ඇති අතර ඔහු වැඩිම අයවැය ප්‍රමාණයක් ඉදිරිපත් කළ මෙරට එකම මුදල් අමාත්‍යවරයාය.

වික්ටෝරියා,රන්දෙනිගල කොත්මලේ,වරාය, මහා මාර්ග,නිවාස සහ නිදහස් වෙළෙඳ කලාප වැනි ව්‍යාපෘති සඳහා මුදල් සොයා දීමට හෙතෙම මුල් වී කටයුතු කළේය.

සිවිල් සේවයට සම්බන්ධ වී විවිධ තනතුරු දරා විශ්‍රාම යෑමෙන් අනතුරුව ඔහු දේශපාලනයට පිවිසියේය.

ඔහු 1965 වර්ෂයේදී බිබිල මැතිවරණ කොට්ඨාශයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග වැදී එක්සත් ජාති පක්ෂ නියෝජිතයා වූ ධර්මදාස බණ්ඩා මහතාට පරාජය විය. අනතුරුව ඔහු 1970 මහ මැතිවරණයේදී දෙවුන්දර ආසනයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුවට තේරී පත්විය.

ඉන්පසු ඔහු 1977 මහ මැතිවරණයේදී දෙවුන්දර ආසනය ජය ගත්තේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමිනි. එම වර්ෂයේදීම ඔහු මුදල් අමාත්‍යවරයා ලෙස පත් කෙරිණ.

මෙරට 1983 වර්ෂයේ ජුලි මාසයේ ඇතිවූ කලබල මැඩ පැවැත්වීමටද ඔහු පුරෝගාමී මෙහෙවරක් ඉටු කළේය.

රොනීද මෙල් මහතා දියණියන් තිදෙනෙකුගේ පියෙකි. සුනාලිනී තාරා සහ රේණුකා එම දියණියෝ වෙති. හෙතෙම ශ්‍රීමත් ලියූ පනාන්දු මහතාගේ දියණියකවන මල්ලිකාද මෙල් මහත්මිය සමග විවාහ වී සිටි අතර ඇයද කාලයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස කටයුතු කළාය. ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ රොනී ද මැල් මහතා ලංකා විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලබා ගත්තේය. රොනීද මල් මහතාගේ අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව පවුලේ ඥාතීහු පවසති.



අදහස් (4)

රොනී ද මැල් සමු දෙයි

Lalla Tuesday, 27 February 2024 10:55 PM

ගසාකෑම නොකළ පිරිසිදු දේශපාලනඥයෙක්. නිවන් සුව පතමු..!

:       0       11

Gunendra de Silva Tuesday, 27 February 2024 11:28 PM

උතුම් මිනිසෙක්, නිවන් සුව පතමි!

:       0       10

සුරංග Wednesday, 28 February 2024 04:23 AM

කොතරම් දක්ෂතා තිබුණත් 1970 ආණ්ඩුව ඔහුට ඇමැති තනතුරක් දීමට සිරිමාවෝ මැතිණිය කටයුතු කළේ නැහැ... එනිසා වෙන්න ඇති ඔහු 1973 එක්සත් ජාතික පක්ෂයේ දෙවිනුවර සංවිධායක ලෙසට කටයුතු කරන්න ගත්තේ...! එතුමාට නිවන්සැප ලැබේවා..

:       0       12

Mahasen Wednesday, 28 February 2024 08:13 AM

එදා ගමේ පොල් අතු ඉස්කෝලේ ඉගෙනගත් මම, ඔබතුමන්ගේ පරිත්‍යාගයන් වශයෙන් ලද පාසල් ගොඩනැගිල්ලක ශිල්ප හදාරා, අද සමාජයේ යහපත් ලෙස ජීවත්වන පුරවැසියකු ලෙස ඔබට 'නිවන් සුව ලැබේවා!!!' යැයි පතමි.

:       0       15

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 170 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 369 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 378 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site