
(අංජුල මහික වීරරත්න)
චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් මහ ඇමති ධුරයේ සිටියදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පැවති ස්ථාවර තැන්පතු ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා ලබන සඳුදා(28)අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණෙන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොමිෂන් සභාව වෙත අද දැනුම් දුන්නේය.
අදාල සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීම සඳහා අද(25) කොමිසම හමුවේ පෙනී සිටින ලෙස රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී තිබූ නමුත් ඊට වෙනත් දිනයක් ලබා දෙන ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලීමක් කර තිබිණි.
ඒ අනුව ලබන 28 හෝ 30 අල්ලස් කොමිසමට පැමිණෙන්නැයි කොමිෂන් සභාව දැනුම් දී තිබූ අතර 28 වෙනිදා කොමිසමට පැමිණෙන බව රනිල් වික්‍රමසිංහ මහතා කොමිසමට දැනුම් දී තිබේ.
COMMENTS
ලෝකයේ මහා ප්‍රජාතන්ත්‍රවාදියා, ව්‍යවස්ථාව රකින්නා, අධිකරණයට නීතියට හිස නමන්නා, පරිනත ලිබරල් වාදියා, ඔන්න ඔහොමයි කෙරුවාව, නූගත් පුරවැසියා කොතරම් නීතියට බයද? තවත් මෙයාගෙ කෙරුම්කාරකම් අගයන අය ඉන්නව නම් හිසකුඩිච්චියක් දමාගන්න.
චාමර සම්පත් ස්ථීර තැන්පතු වැහුවෙ තමන් නිකුත් කල චක්‍රලේකයක් අනුව නම් මතක ඇතිව ඒක හොයාගෙන සී අයිඩියේ මහත්වරුන්ට පෙන්වන්න. ගිය සැණින් ආපසු එන්න පුළුවන්
දැන් කොහොමටත් අල්ලස් කොමිසමේ අපරාධ පරීක්ෂණය දෙපාර්තමේන්තුවේ හා උසාවියේ රස්තියාදු වෙන්න පුරුදු වෙන්න, පළපුරුදු නායකත්වය රට හොරා කෑ විදිහ අනුව.
එයාගේ ලෝයර් ඒ වෙනකොට එනවා ඇති...
kfc එකේ චිකන් වැඩ කෝටියයි. සීයා ගාව කටින් වැඩ කෝටියයි
මේ පාර තමා පචයට කඩේ යන කොමිසම ඇණ ගන්නේ සීයගෙන්.
අපිට ජෝකර්ලාගෙන් කිසිම අඩුවක් නැහැ.