
(සුජිත් හේවාජුලිගේ)
හිටපු කතානායක පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා පැදවූ වාහනයේ හැපී කාන්තාවන් දෙදෙනෙකු සහ බිළිඳියක තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී දීර්ඝව කරුණු දැක්වීමට විපක්ෂයේ මන්ත්‍රීවරු බලාපොරොත්තු වෙති.
පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් අනිද්දා 18 වැනිදා පැවැත්වීමට නියමිතය. එහිදී මේ පිළිබඳව අදහස් දැක්වීමට බලාපොරොත්තු වන බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසීය.
එම සිද්ධියේදී පොලිසිය කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සමාජයේ බරපතළ චෝදනාවක් පවතින හෙයින් එය අනිවාර්යයෙන්ම සංවාදයට ගත යුතු බවද ඔහු ප්‍රකාශ කළේය.
එම අනතුරින් තුවාල ලැබූ අය ගැන මේ දක්වාම රජයේ පාර්ශ්වයෙන් සොයා බැලීමක් කර නැතැයි පැවසූ මන්ත්‍රීවරයා විපක්ෂය දඩයම් කරන අතරේ ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් කරන වැරදි ශුද්ධ කිරීම රජයේ ප්‍රතිපත්තිය දැයි ප්‍රශ්න කළේය
විපක්ෂයේ මන්ත්‍රීවරු ගණනාවක්ම මේ අනතුර පිළිබඳව අදහස් දැක්වීමට සූදානමින් සිටිති.
2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
රන්වලගේ අනතුර අනිද්දා මැතිසබයට
Rata Perata Tuesday, 16 December 2025 12:42 PM
මේ මුජිබර් වගේ මිනිස්සු හොදයි කාන්තා සමිති මෙහෙයවන්න. දවසකට ලක්ෂ 400ක් වැය වෙනවා පාර්ලිමේන්තුව රැස් කරන්න. මේ අය රිය අනතුරක් ගැන කතා කරන්න යනවා... අපේ සල්ලි විනාශ කරන්න.
MDTuesday, 16 December 2025 04:05 PM
මාලිමා ආපදා සාපයේ වන්දිය ඩොලර් බිලියන ගණන්.ඵ්වා ගෙවන්න අනුර මහතා පැලවත්තේ අරමුදලින්ද?
Pradeep Tuesday, 16 December 2025 01:03 PM
රටේ දවසකට රථ වාහන අනතුරු 1000 කට වැඩිය වෙනවා ඕවා ඔක්කොම පාර්ලිමේන්තුවේ කතා කරපල්ලා මෙහෙම අසරණ වුණ විපක්ෂයක් ඉතිහාසයටම තිබිණා නෑ
sachith Tuesday, 16 December 2025 01:07 PM
මේක වැරද්දක් තමා, හැබැයි මේ පාර්ලිමේන්තුව රැස් වෙන්නේ අපධාවට සහන සලසන්න මුදල් සම්මත කරගන්න. එකත් පිස්සු කරන්න හදන්නේ මේ විපක්ෂේ.
ලයන් Tuesday, 16 December 2025 02:00 PM
මුජ්බිර් අර කාල ගුනය ගැන, වාන් දොරටු එකවිට ඇරපු එක නිසා ගංවතුරෙන් උන හානිය ගැන දානව කිව්ව නඩුව කවදද දාන්නෙ , ඒක අමතක උනැයි, එතකොට කොළඹ නගර සභාවෙ කොමසාරිස්ට විරුද්ධ නඩුව , කෝ ඒක. මේ බෝරු කියන තක්කඩි යෙක්
සෙනෙවිරත්න Tuesday, 16 December 2025 02:01 PM
අනතුරක් උනාම රජයෙන් හොයල බලන සිරිතක් තියෙනවද, මටත් උනා පොලිසිය විතරයි. ජනාධිපති එහෙම කතා කළෙත් නැහැ විපක්ෂ නායක කතා කළෙත් නැහැ. තවත් මන්ත්‍රීලගෙ අතින් අනතුරු උනා මෙහෙම උනදෙ පව් විපක්ෂය වෙන වැඩ නැහැ සිල්ලර වැඩ හොයනව.
Gavin Tuesday, 16 December 2025 03:02 PM
බොරු වැඩ... පචරිස්ලාගේ.
සමන් විමල් Tuesday, 16 December 2025 03:04 PM
නිකාං කාලේ නාස්ති වෙනවා විතරයි. ආචාර්ය උපාධි සිද්ධිය වගේම තමයි . නැත්තේ ලැජ්ජාව විතරයි .
ප්‍රියන්ත Tuesday, 16 December 2025 03:50 PM
තමන්ගේ වාහනයක් කිසිම දිනක හැප්පිලා නැති කෙනෙක් පලමු අදහස් දැක්වීම කරන්න.
සජිබ් Tuesday, 16 December 2025 04:14 PM
ඔය මුජිබර්ලාගේ ආණ්ඩු කාලේ වෙච්ච ඒව ගැනත් ඇදලා කතා කරමුද?
විපරමා Tuesday, 16 December 2025 06:31 PM
කාලකන්නි විපක්ෂයේ අයට මේ රටේ වෙන අත්‍යාවශ්‍ය වැදගත් දේවල් නැතුව ඇති. දූෂිත පවුල් ආණ්ඩුව කාලේ කරපු සුදුවෑන් ඝාතන අතුරුදන් ගැන වගේ වගක් නැහැ. දූෂිත දේසපාලුවන්ගේ පුත්තු රියදුරු බලපත්‍රයක් නැතිව ගිහින් බරපතළ අනතුරු සිද්ද කෙරුවා.හොර පෙරකදෝරුවා සලමන් ඛාන්ව ගෙන්වාගෙන යන අතර පාරේ ගිය අහින්සකයෝ දෙන්නෙකුත් බරපතළ අනතුරකට ලක් කෙරුවා.. පාර්ලිමේන්තුවේ වටිනා කාලය සහ මුදල් කාදමන බන්කොලොත් අය?
චතුරි Tuesday, 16 December 2025 07:13 PM
උසාවිය තියෙන්නෙ නඩු අහන්න. පාර්ලිමේන්තුව තියෙන්නේ රටයි ජනතාවයි රැක ගන්න මිසක් දුශිත ගොබ්බයින්ගේ නඩු අහන්න නෙමේ. නාමල්බේබිට කියන්නද යන්නේ. කට්ටියගේ පටි රෝල්වෙයි නීතිපොතේ වගන්ති කියන්න ගිහින් නාමල් බේබිට දෙන්න මුලික තැන. රට ගොඩ ගන්න කම්පාර්ලිමේන්තුව වහන්න. විදුලි බිල වුණත් අපරාධයක්. ගොබ්බයින්ට රෑට නිදා ගන්න නොදී. වට්සප්වලින් ගෘපෙකක් හදන් අඩු වියදමින් මුන්ගෙන් වැඩ ගන්න. බොරුවට පාර්ලිමේන්තුව රැස් කරන්නේ නැතිව අව්රුද්දට දෙපාරක්. පාර්ලිමේන්තුව අරිනවා. වට්සප්වලින් දිනපතා සහභාගි කර ගන්න.