IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


රනිල් හොඳ බව සජබ,ජාජබ රහසින් පිළිගත්තා

 

(අංජුල මහික වීරරත්න)

ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගත හැක්කේ රනිල් වික්‍රමසිංහ ආර්ථික  වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාමෙන් බව සජබ මෙන්ම මාලිමාවද වක්‍රව පිළිගෙන තිබෙන්නේ යැයි නිවාස සහ නාගරික සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

එවන් පසුබිමක ජනාධිපතිවරණයේදී අත්හදා බැලීමක් සිදුකර නැවත ඉල්ලන් කනවාදැයි ජනතාව තීරණය කළ යුතු බවද රණතුංග මහතා කීය.

වැල් පාලමෙන් එගොඩ විය හැක්කේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිගේ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාමෙන් පමණක් වන අතර ඊට  අලුත් අයකු අවශ්‍ය නැතැයි ද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා නැවත ජනාධිපති කිරීමෙන් පවතින තත්ත්වය ඉදිරියට ගෙනගොස් රට ආර්ථික අර්බුදයෙන් සම්පූර්ණයෙන් මුදා ගැනීමට හැකි වන්නේ යැයි ද ඇමතිවරයා සඳහන් කළේය.

මිනුවන්ගොඩ ප්‍රදේශයේ අද (16) දින පැවැති රැස්වීමකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව කීවේය.

 

 



අදහස් (14)

රනිල් හොඳ බව සජබ,ජාජබ රහසින් පිළිගත්තා

Dharmatileke Sunday, 16 June 2024 10:54 AM

හිට්ලර් හොදයි කියන අය අදටත් මිලියන ගණන් ඉන්නවා

:       12       34

PATTA hora Sunday, 16 June 2024 11:06 AM

තව ටික දවසකින් කියයි " කප්පන් ගැනීම " ත් අනුමත කලා, "උසාවියෙන් අච්චු කල හොරෙක් කියන්නේ රාජ්‍ය පාලනයට සුදුසු කමක් " ය කියලා.

:       9       41

Kazi Shajahan Sunday, 16 June 2024 11:08 AM

මුන් එක එක කාලේට කියන දේවල් පිලිගන්ඩ අපි හරක් නෙමෙයි

:       6       40

Sany Sunday, 16 June 2024 11:36 AM

ඔව් එහෙමද ආස...ඇයි බයද බලය නැතිවෙනවට...මේ හොරහැත්ත ආයෙ බලයට ආවොත්...රට ඉවරයි

:       6       32

Lalith Sunday, 16 June 2024 12:12 PM

වැඩේ ගොඩ දාලා කජ්ජ ගහනකල් තලු මර මර බලන් ඉන්නවා නේද? ආයෙත් සුද්දයක් දෙන්න.

:       2       17

පිටරටවැසියා Sunday, 16 June 2024 12:12 PM

හැබැයි, වැල් පාලමෙන් එගොඩ වෙච්චි ගමන්, වලට බැහැලා කරගහලා අරගෙන යන්න කෙනෙකුත් හොයාගන්න වෙනවා... මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් කිව්ව විදිහට..!!!

:       1       14

Perera Sunday, 16 June 2024 12:35 PM

ණය ගෙවා, මිනිස්සුන්ට බදු පිට බදු ගගහා IMF එක ගහන ගහන තාලෙට නටන එකද රනිල්ගේ ප්‍රතිපත්තිය...?

:       2       17

චන්දිම Sunday, 16 June 2024 12:37 PM

මේ කට්ටියම ඉන්නේ රටේ ජනතාව ගැන පුදුම තරහකින්. මොකද මේ ගොල්ලන් හිතන්නේ ඒ අයගේ ගෙවල් ඒ දවස්වල ගිනිතියන කොට මිනිස්සු හිතෙන් හරි ඒවාට කැමැති වුණා කියලා යන සිතුවිල්ලෙන්. මෙයා කියන ලොක්කත් ඉන්නෙත් එහෙම තමයි. ඒ නිසා තමයි මේ ගොල්ලෝ ජනතාවට අධික පීඩාවක් දෙන පනත් ඔක්කෝටම අත උස්සන්නේ. වැඩිය ඕනෑ නැහැ අර හොර බෙහෙත් ඇමැතියා තක්කඩි කම කළබව හොඳට දැන දැනත් මිනිහාව බේරා ගන්න අත් ඉස්සුවා. ලොක්කා ඡන්දේ නැහැ කියලා පළාත් පාලන මැතිවරණේ කල් දාන කොට ඔය කට්ටියම පුදුම සන්තෝසයකින් බකබක ගාලා මහා කැත විදියට හිනා වුණා. ඒ හතුරු අරියාදු කම් කලේ වෙන කාටවත් නෙමෙයි... මේ රටේ පොදු ජනතාවට. මේ ගොල්ලෝ ජනතාවගේ ඡන්දෙ ගැන නෙමෙයි හිතන්නේ ලොක්කාව දිගටම පත් කරගෙන ලොක්කාගේ මාර්ගයෙන් මොකක් හරි උප්පර වැට්ටියක් දාලා බලය දිගටම තියාගන්න පුළුවන් යන මතයෙන්. ඊට පස්සේ දිගටම මිනිස්සුන්ගෙන් පලි ගන්නයි අරියාදු කරන්නයි සියලු සැප වරප්‍රසාද විඳිමින් සදාකාලිකව වැජඹෙන්නයි හිතන්නේ. ඒ නිසා මැතිවරණයේදී හොඳට කල්පනාවෙන් ජනතාව ඡන්දෙ දිය යුතුයි...

:       3       20

Rata Perata Sunday, 16 June 2024 01:33 PM

සමහරවිට කුළු හරක් මී හරක් වේශයෙන් එන්නත් පුළුවන්..

:       1       18

Chandanaa Sunday, 16 June 2024 02:07 PM

කට වහගෙන ඉන්න...

:       1       15

ගමේ එකාලා Sunday, 16 June 2024 03:19 PM

මැදමූලනේ ඉන්න දූෂිත පවුල් පාලනේ හොර හැතිකරේම ඉන්න අයත් හොඳයි කියන මොලේ උඩ ඉන්න වහල්ලුත් ඔය ඉන්නේ...?

:       1       16

ගමේ එකාලා Sunday, 16 June 2024 03:42 PM

දේශපාලනෙන් හොරාකාලා බඩවඩා ගත්තු කප්පම්කාරයාගේ පවුලේ අයත්, රටම හොරාකාලා විනාශ කරපු දූෂිත ජරාපක්ෂ පවුල් පාලනේ අයත් හොඳයි කියලා පිළිගන්න වහල්ලුත් ඕනෑ හැටියේ ඉන්නේ..?

:       1       13

chinthaka Sunday, 16 June 2024 04:11 PM

හොර කප්පමෝ, ජාතික ජනබලවේගය කවදාද රනිල්ට හොඳයි කිව්වේ? රනිල් හිරේ යන්නෙත් ජාතික ජනබලවේගේ ආණ්ඩුවක් යටතේ කියලා හිතේ තියාගන්න.

:       4       12

ගිහාන් Monday, 17 June 2024 08:27 AM

ව්‍යාපාරිකයෙකුගෙන් කප්පම් ඉල්ලපු බව මෙයා පිලි නොගත්තත් හඬපට යූටියුබ් එකේ තියෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 522 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1067 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site