IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


රනිල් ඉන්න තුරු කාටවත් බඩගිනි වෙන්න දෙන්නෙ නෑ

(අංජුල මහික වීරරත්න)

රනිල් පාලන බලයේ සිටින තුරු රටේ දෙකෝටි විසි ලක්ෂයක් වන ජනතාවගෙන් එක් අයෙකුටවත් බඩගින්නේ ඉන්නට ඉඩ තබන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබෙිවර්ධන මහතා ගාල්ලේ දී පැවසීය.

ලංකාව පාලනය කිරීමට දායක වූ ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සියලු දෙනා ගත් ණය ගෙවමින් ශ්‍රී ලංකා ආර්ථිකය ගොඩනැගීමේ  වගකීම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් ඉටුකරමින් සිටින බවද අබෙිවර්ධන මහතා කීය .

වජිර අබේවර්ධන මහතා මේ බව කීවෙි  අඩු ආදායම්ලාභී පවුල් ලක්‍ෂ 29 කට එක් පවුලකට මසකට නොමිලේ සහල් කිලෝ 10 ක් ලබාදීමේ ජාතික වැඩසටහනට අනුව ගාල්ල සමනල ක්‍රීඩාංගනයේ පැවැති උත්සවය අමතමිනි. ගාල්ල දිස්ත්‍රික්කයේ පවුල් එක් ලක්ෂ හැට දහසකට මෙහිදී නොමිලේ සහල් පිරිනැමෙයි.



අදහස් (14)

රනිල් ඉන්න තුරු කාටවත් බඩගිනි වෙන්න දෙන්නෙ නෑ

Muthu Monday, 22 April 2024 11:08 AM

අන්න අනික් පැත්තේ තියෙනවා නිව්ස් එකක් - උගත්තු 24 ලක්ෂයක් රට දාල ගිහින් කියල. මම අවු 20 විතර ඉඳන්, නිතර රට යන එන කෙනෙක් ඒ නිසා මේ රටට වේගන යනදේ දන්නවා. මේ රට කාන්තාරයක් වේගන යන්නේ. මෝඩ රැලක් විතරක් ඉතුරු වුණාම කන්න ටිකක් දීල චන්දෙ පොකට් ගහන්න ලේසියි.

:       4       46

මී ගවයා Monday, 22 April 2024 11:10 AM

කියන්න වදන් නෑ මුව මගෙ ගොළු වෙලා....

:       1       41

මී (මූ) ගවයා Monday, 22 April 2024 11:21 AM

ජනතාවගේ පිනට පහළ වෙච්ච ජනාධිපති උතුමාණන් !!!

:       20       12

Nimal Monday, 22 April 2024 11:31 AM

එදා වේල් තුනක් කාපු බොහෝ දෙනෙක් අද කන්නේ යන්තම් එක වේලයි. රනිල් යවන තුරු බොහෝ දෙනෙක් බඩගින්නේ යනුවෙන් මෙම ප්‍රකාශය නිවැරදි විය යුතුයි

:       5       40

Nilmini Tuesday, 23 April 2024 12:08 PM

අද බැරිනම් වහාම උඹටත් මටත් ප්‍රතිකාර අරගෙන පුරුදු මුල්ලේරියාවේ රෝහලට ගිහිල්ලා රෝගයට බෙහෙත් සමග උපදේශනය ලබාගනින්. ඇත්තටම උඹ අරගලය වෙලාවේ කොහෙද බූරුවො හිටියේ .2019 ගෝඨාභය ජනාධිපති කරන්න උපරිම දායකත්වය දුන්නු උඹ ගෝඨාභය පලවාහැරීම කළාට පස්සේ උඹේ පිස්සුව හොදටම වැඩිවුනා කියලා කනින් කොනින් අහන්න ලැබුණා. ඒත් ඔයතරම් අමාරුයි කියලා දැනගන්න බැරිවුණා.

:       0       0

Ravi Monday, 22 April 2024 11:34 AM

මාසෙකට පවුලකට හාල් 10 ක් ඇති කියලා හිතන අදබාල දේශපාලුවෝ

:       4       29

අරවින්ද මොනරවිල Monday, 22 April 2024 11:50 AM

කටේ තරමට මොලය වර්ධනය වෙලා නැති, බුද්ධිහීන මනුස්සයෙක් නිසා මෙයාට රටේ සැබෑ තත්වය ගැන අවබෝධයක් වෙලා නැති හැඩයි. එහෙම නැත්නම් එක්සත් ජාතීන්ගේ වාර්තා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ථා, මහ බැංකුවේ වාර්තා හා ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තා දකින කියවන අයෙකුට මෙහෙම ගොන් කතා කියවන්නේ නැහැ.

:       5       33

පුරවැසියා Monday, 22 April 2024 11:52 AM

ඒක ඇත්ත. මිනිස්සුන්ට කන්න නැති නිසා බඩගින්න හුරු වෙනවා.

:       5       35

Pankumburage Monday, 22 April 2024 12:44 PM

මුන් වගේ ගොන්නුන්ට රැවැටෙන ජනතාව දැන් නැහැ.

:       4       33

sk Monday, 22 April 2024 12:55 PM

ඇත්ත අපිට බඩගිනි වෙන්නේ නෑ . මොකද අපිට බඩගිනි වුණාට කන්න විදියක් නැති හින්දා

:       4       32

ගමේ එකාලා Monday, 22 April 2024 01:31 PM

රනිල් හදෙන් හාල් ගෙනත් දෙන්ඩ හිතන් ඉන්නවද.? තමුන් වගේ හාල්පාරුවෝ කියන අමන කතා දැන් කවුරු වත් විස්වාස කරන එකක් නැහැ .

:       1       23

Dharmatileke Monday, 22 April 2024 04:38 PM

ඔන්න බබෝ බත් ගොට්ටෝ ඉන්නවා.

:       0       13

Chandana Monday, 22 April 2024 05:01 PM

මොනවා කියනවාද? රට විකුණන් කමු...!

:       0       13

wije Monday, 22 April 2024 06:59 PM

ඔව් ඔව් රනිල් තමයි දෙන්නේ හැමෝටම කන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 425 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1028 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site