IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


‘‘රනිල් ආවේ රාජපක්ෂලා රකින්න නොවේ‘‘

(අංජුල මහික වීරරත්න)

පුනරුත්ථාපනය වී ඇත්තේ රනිල් නොවෙි යැයිද රනිල් පැමිණ කරගසා ඒ කල්ලිය පුනරුත්ථාපනය කර ඇතැයි එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පැවසීය.

යට ඇඳුමෙන් බෙිරේ වැවෙන් ගොඩට ආ පාලකයන් අද රනිල් වික්‍රමසිංහට  පින්සිද්ද වෙන්න  වාහනයක නැග පාර්ලිමේන්තුවට යන බව ද එජාප මහලේකම්වරයා කීය.

රනිල් වික්‍රමසිංහ  රට බාර ගත්තේ රාජපක්ෂලා රකින්න නොවේ යැයි කී එජාප මහලේකම්වරයා රාජපක්ෂ ලා කියන විදියට ඉන්න ඕනෑ යයි සමහරු කියන බවත්  එක එක අපතයන් කියන ප්‍රකාශ වලට උත්තර දෙන්න යන්නේ නැති බවත් පැවසීය.

"දැන් මඤ්ඤං වෙච්ච පොරවල් වලට මතක නෑ .එක එක දේවල් කියනවා .කවුරු කවුරුත් කටවල් පරිස්සං කරගෙන වැඩ කටයුතු කළොත් හොඳයි"යනුවෙන්ද එජාප මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පැවසීය.



අදහස් (9)

‘‘රනිල් ආවේ රාජපක්ෂලා රකින්න නොවේ‘‘

sena Wednesday, 12 October 2022 04:37 PM

ආවෙ බලයට කෑදරකමෙ - බලයට තියෙන කෑදර කමටම රාජපක්සලා රකිනවා.

:       7       29

විපරමා Wednesday, 12 October 2022 04:55 PM

රනිල් රාජපක්ෂ කියන්නේ නිකන්ද? දූෂිත රාජපක්ෂ පවුල් පාලනේ හැමෝම අද කිසිම බයක් සැකක් නැතිව ඉන්නේ රනිල් නිසා කියලා ලෝකෙම දන්නවා. රාජපක්ෂලා රකින්නේ නැත්නම් රටම හොරාකාලා ජනතාව මහපාරට ඇදලා දාපු දූෂිත පවුල් පාලනේ අයට විරුද්ධව කටයුතු කරන්න තිබුණානේ? හිරේ ඉන්න ඕනෑ දූෂිත දේශපාලුවෝ අද ඉන්නේ එළියේ....

:       6       26

දාස Wednesday, 12 October 2022 06:28 PM

ඇයි ඔහේලා වගේ කුණු ගොඩවල් රකින්නද? මිනිහා තව ටික දවසකින් රාජපක්ෂ කියන නමත් ගන්නවා.

:       4       22

fairoos Wednesday, 12 October 2022 06:41 PM

ඒක හැමෝටම හොඳටම පේනවා. පුළුවන් නම් ඡන්දයක් තියමු..

:       4       17

chandima Wednesday, 12 October 2022 07:01 PM

රාළහාමි තවම දොඹ තෙල් කුප්පිය ඉවර නැහැ වගේ නේද?

:       3       16

ගමේ එකාලා Wednesday, 12 October 2022 10:39 PM

රටම හොරාකාලා විනාශ කරපු දූෂිත රාජපක්ෂලා අද රැකිලා ඉන්නේ පින් ජනපති රනිල් නිසා.

:       0       1

Perera Wednesday, 12 October 2022 11:07 PM

මෙයා රනිල්ව රකින බව අපි දන්නවා.

:       0       1

Rohana Thursday, 13 October 2022 07:21 AM

රනිල් කවුදකියල ඔබට වඩා අපි දන්නවා.

:       0       1

Bamunuarachchi Thursday, 13 October 2022 08:27 AM

හලෝ අරගල කාරයින්ට ජෙප්පන්ට මාව එපානම් දෙන්නම් කියලා තමයි රනිල්ට රට බාර දුන්නේ. දැන් නිතින් උඹේ කටෙත් පස් අපේ කටෙත් පස් කියා කියා අරගල කාරයින්ට පොලවේ පස් කන්නයි වෙලා තිබෙන්නේ. ලබන සැරේ ඔහෙලා හැන්දිගෑවිලාම යනවා. රාජපක්ෂලා සෝල්හයිම්ව උපදේශක ලෙස පත්කර ගන්නේ නැහැ. පුලුවන්නම් අනික් අයගේ කටවල් වහන්න බලන්න.

:       2       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 284 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 189 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site