IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


රනිල්ට වඩා දුර්වල කෙනෙක් දැම්මොත් තීන්දුවක් ගන්නවා

(අංජුල මහික වීරරත්න)‍

පොහොට්ටුව ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ඉදිරිපත් කරන්නේ නම් ඔහු වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට වඩා අති දක්ෂයකු විය යුතු බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නිවාස සහ නාගරික සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

 යම් හෙයකින් පොහොට්ටුව දුර්වල අපේක්ෂකයකු ඉදිරිපත් කළහොත් පක්ෂ සාමාජිකත්වය සම්බන්ධයෙන් තමන්ට තීන්දුවක් ගැනීමට සිදුවනු ඇති බවද අමාත්‍යවරයා කීය.

එමෙන්ම නාමල් රාජපක්ෂට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා මෙය සුදුසු අවස්ථාව නොවන  බවද අමාත්‍යවරයා පැවසීය.

හිටපු පළාත් පාලන නියෝජිතයන් සමඟ උඩුගම්පොළ, පැවති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. 



අදහස් (12)

රනිල්ට වඩා දුර්වල කෙනෙක් දැම්මොත් තීන්දුවක් ගන්නවා

පිටරටවැසියා Sunday, 03 March 2024 11:26 AM

රටේ ජනතාව නම් තීන්දුව අරගෙන ගොඩක් කල්, ඔබතුමාගේ තීන්දුවත් නොපමාව ගන්න...

:       0       0

Hafeel Sunday, 03 March 2024 11:53 AM

ඊළඟට පත්වන්න ඉන්න අනුර කුමාර තමයි මේ රටේ අවසන් විධායක ජනාධිපති. ඒ නිසා අධිකරණයෙන් වැරැදිකරු බව තීන්දු කළ කප්පම්කරුවන් ඇතුළු සියලු වැරැදිකරුවන්ට ජනාධිපති පොදු සමාව අනුර කුමාර පත් වනවාත් සමග ඉවරයි. ඒ නිසා මෙයා මේ ජනාධිපති බලයේ ඉන්න මේ මොහොතේ, මෙයා මෙයාට අධිකරණයෙන් දුන්නු දඬුවම අහෝසි කරන්න දඟලන්න සෙල්ලමක් මේක. නැත්නම්, ඇයි මෙච්චර රනිල්ට කඩේ යන්න ඕනේ? මෙයා පුන පුනා කිව්වේ මම පොහොට්ටුව දාලා යන්නේ නැහැ. මහින්ද රාජපක්ෂ දාලා යන්නේ නැහැ කියමින් දැන්, නාමල්වත් කපන්න තරමට මෙයාට තියන උවමනාව කාටත් තේරෙනවා.

:       0       0

සෙනෙවිරත්න Sunday, 03 March 2024 12:19 PM

අනේ එහෙම හිතුවක්කාර තීරණ ගන්න එපා, ඔබතුමා තමයි අපේ ගැලවුම්කාරයා, කප්පම් ගත්තාට අපිට මොකෝ... ඒක තමුන්නැහැලාගේ ගතියනේ...

:       0       0

fairoos Sunday, 03 March 2024 12:36 PM

අපෝ මේ අයට නම් කන්න ඕනෑ වුණත් ඕන ජරාවක්...!

:       0       0

Vithana Sunday, 03 March 2024 01:10 PM

රනිල්ට වඩා අනිත් හැමෝම දුර්වලයි. අමාරු අවස්ථාවේ අනිත් අය පැනලා දුවද්දී රට බේරගන්න ඉස්සරහාට ආපු නායකයාට රටේ බහුතරය ආදරෙයි.

:       0       0

නිස්සංක පී. ගමගේ Sunday, 03 March 2024 01:34 PM

කොහොමහරි රනිල් ජනාධිපතිතුමා මුරුංගා ඇත්තේ තියලා ඔබතුමාගේ තැන රැකගන්න බලන්න. අනේ මෙහෙමත් අවස්ථාවාදී දේසපාලකයෝ. දැන් එතකොට රාජපක්ෂලා කව්රුවත් සියඹලා ගෙනාවේම නැද්ද? නාමල්ට මේ අවස්ථාව නෙමෙයි නම් ඔබතුමාට මේ හොඳ අවස්ථාවද? ඡන්දේ තියලා බලන්නකෝ මේ අවස්ථාව කාගේද හොඳ කියලා බලන්න...!

:       0       0

Rata Perata Sunday, 03 March 2024 01:43 PM

කප්පම් කාරයින්ට රනිල් වගේ දුර්වල කෙනෙක් තමයි හොඳ..!

:       0       0

Prabha Sunday, 03 March 2024 03:32 PM

රනිල්ට වඩා මොනවට දක්ෂ කෙනෙක්ද මේ හොයන්නේ..?

:       0       0

නිහාල් Sunday, 03 March 2024 06:13 PM

අපේක්ෂකයාගෙන් කප්පමක් ඉල්ලන්න හොඳ අවස්ථාව...!

:       0       0

B Amarasinghe Monday, 04 March 2024 04:00 AM

පක්ෂයටවත්, රටටවත් මෙයාගේ තීන්දුවල වටිනාකමක් තියෙනවාද?

:       0       1

Chathuri Monday, 04 March 2024 04:22 AM

නාමල් බෙබිව ජනපති කරන්න. මොලේ අමාරුකාරයෝ නෙමේ ඡන්දෙ දෙන්නේ මොවුන් දෙන්නා තරම් දුර්වල දෙන්නෙක් රටේ කොහේවත් නැහැ. මීහරක් රෑනකට ඇනගන්න දාන්න හොදයි ඔට්ටු අල්ලලා. ඒ නමයක් ගත්තු දරුවෝ ඉද්දී. අසරණ, උගත් දරුවෝ දුක් විඳිනවා... රැකියා නැතිව. මොලේ කළඳක් නැති මීහරක් සුර සැප විඳිනවා. බලය අරගෙන තව ටික දවසයි.

:       0       1

පිටරටවැසියා Monday, 04 March 2024 08:28 AM

එහෙම කොහොමද කියන්නේ? පක්ෂයේ ඔක්කෝම කිව්වොත් බේබි මනාප ලක්ෂ 110ක් ගන්නවා කියලා... දැන් ඔබ මොකද කරන්නේ?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 283 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 189 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site