IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


රනිල්ට ජය පැතූ ජය පිරිත මැකෝ නවත්වයි



(සුජිත් හේවාජුලිගේ)

ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට  ජය  පැතීම වෙනුවෙන් කොළඹ නිදහස් චතුරශ්‍රයේදී ඊයේ (14) පස්වරුවේ භික්ෂූන් වහන්සේලා පන්සිය නමකගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට  කටයුතු සංවිධාන කෙරුණු ජය පිරිතක්  මැතිවරණ කොමිෂන් සභාවේ නියෝගයෙන් නතර කෙරිණ.

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කර ඇති අවස්ථාවක  එක් අපේක්ෂකයකු පමණක් ප්‍රවර්ධනය   වන ආකාරයට   පොදු ස්ථානයක මෙවැනි ආකාරයේ ආගමික කටයුත්තක් පැවැත්වීම මැතිවරණ නීතියට  පටහැනි හෙයින් එය නතර කිරීමට මෙසේ නියෝග කෙරුණු  බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ජනාධිපතිවරණයට ඉදිරිපත් වන සියලුම අපේක්ෂකයන්ගේ සහභාගිත්වයෙන්   පොදු ස්ථානයක මෙවැනි දෙයක්  සංවිධාන කරන්නේ නම්  කොමිසම ඊට විරුද්ධ නොවන බවද කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් අප මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ  මේ පිළිබඳව ආරංචිවීමෙන් පසුව කොමිසම කළ දැනුම් දීමකින් සංවිධායකයන් එම ජය පිරිත නැවැත්වීමට එකඟ වූ බවයි.

මෙවැනි ජය පිරිතක් පන්සලක හෝ වෙනත් ආගමික ස්ථානයක පැවැත්වීම කිසිදු ගැටලුවක් නැතැයිද  සභාපතිවරයා කීවේය.

මෙම ජය පිරිත පිළිබඳව පැමිණිල්ලක් ලැබීමෙන් පසුව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා ඒ පිළිබඳව සොයා බැලීමට කණ්ඩායම් කිහිපයක් එහි පිටත් කර යැව්වේය. ඒ අනුව කළ විමර්ශනවලදී එය සත්‍යයක් බව හෙළිදරව් වීමෙන් පසු අදාළ සංවිධායකයන්ගෙන් මේ පිළිබඳව කරුණු විමසා කොමිෂන්  සභාවේ ස්ථාවරය  ඔවුනට දැනුම්දී ඇත.

මේ අනුව එම ජය පිරිත වෙනත් ස්ථානයක පවත්වන බව  සංවිධායකයන් එම මැතිවරණ නිලධාරීන්ට ප්‍රකාශ කර ඇතැයි දැනගන්නට ඇත.



අදහස් (10)

රනිල්ට ජය පැතූ ජය පිරිත මැකෝ නවත්වයි

රංබොඩ Thursday, 15 August 2024 09:17 AM

ඒක නැවැත්වීම ප්‍රශස්ත ක්‍රියාවක්. රජයේම මුදල් භාවිතා කරලා වෙන්න ඇති කරන්න සූදානම් වුණේ. එවැනි දේ ජය පිරිතටත් නිගාවක් වෙන්න පුලුවන් .භාගයවතුන් වහන්සේ මේවා දේශනා කළේ මිනිසුන් යහපත් කරන්න. දේශපාලනය කරන්න නෙවෙයි.

:       4       24

Perera Thursday, 15 August 2024 09:18 AM

අනේ අර අසරණ නාමොලයට ඔහොම සෙත් පතලා ඔලුව අතගාලා සනසන්න මොකෙක්වත් නැද්ද ?

:       3       13

Dilshan Thursday, 15 August 2024 09:19 AM

කවුද දන්නේ නෑ ඒ හාමුදුරුවෝ සෙට් එක ?

:       29       15

m. saman perera Thursday, 15 August 2024 10:22 AM

ජය පිරිත් කියලා නැවත බලය දෙන්න තරම් වටිනා කට්ටිය

:       22       19

Rata Perata Thursday, 15 August 2024 11:45 AM

කරන්න පුළුවන් කුප්ප වැඩ ඔක්කොම කරන්න හදන්නේ .බම්බුවේ mr clean.

:       26       18

ලසන්ත Thursday, 15 August 2024 02:55 PM

වෙනෙත් ස්ථානය ලංකාවේ නොවෙයිද? මහජන මුදල් කාබාසිනයා නොකර එකට පිරිත් දහයක් කීවත් මොකෝ!

:       4       44

Jayantha Thursday, 15 August 2024 03:19 PM

වෙනත් පංසලක හෝ ආගමික ස්ථානයක පුලුවන්ලු? ඇයි ඒවා පොදු ස්ථාන නෙමේද? පොදු දේපල නෙමේයිද?

:       19       11

Kamal Koyrala Thursday, 15 August 2024 03:35 PM

සංඝයා දැන් නිකාය වලට පමණක් නොවේ. පක්ෂ දේශපාලනයටත් බෙදිලා. නියමයි... දෙකෝටි ගාණක් වන ශ්‍රී ලාංකික ජනතාවට සෙත් පතන්න බැරිද? 

:       0       0

Lalith Friday, 16 August 2024 07:10 AM

පව්කාරයාට පින් කරන්න ගියත් ඒකට ඉඩ ලැබෙන්නේ නැහැ

:       0       1

NWS KUMARA Friday, 16 August 2024 07:32 AM

බුදුදහමත් දේශපාලනීය කරනවා මේ අය

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 617 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 297 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1099 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site