(රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ)
එක්සත් ජාතික පක්ෂ නායක, වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී මන්ත්‍රී ධූරය අහෝසි කරමින් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා විනිවිද පෙරමුණේ ලේකම් නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් ඉදිරිපත් කරනු ලැබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙන ම ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (19) තීන්දු කළේය.
ගාමිණි අමරසේකර, ශිරාන් ගුණරත්න සහ ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබූහ.
වගඋත්තරකාර පාර්ශ්වය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරු ඉදිරිපත් කළ මූලික විරෝධතා පිළි ගෙන මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ප්‍රතික්ෂේප කරන බව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මණ්ඩලය ප්‍රකාශ කළහ.
නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කණිෂ්කා ද සිල්වා මහත්මිය අධිකරණය හමුවේ පෙනී සිටියාය.
මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ විනිවිද පෙරමුණේ මහ ලේකම් නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා සඳහන් කර සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනයට අනුව මහ මැතිවරණයකට තරග කර පරාජයට පත්වූ පුද්ගලයෙකු ජාතික ලැයිස්තුවේ මන්ත්‍රීවරයෙකු ලෙස පත් කළ නොහැකි බවත්, එසේ තිබියදී රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත් කිරීමේ තීරණය හරහා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වී ඇති බවත් ය.
මෙම පෙත්සම ඊයේ 18 අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කණිෂ්කා ද සිල්වා මහත්මිය කියා සිටියේ මෙම පෙත්සම පවත්වාගෙන යාමට තරම් නීතිමය පදනමක් නොමැති බවය .
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
රනිල්ට එරෙහි පෙත්සම විභාගයට නොගෙනම ඉවතට
San80 Tuesday, 19 July 2022 01:44 PM
ඒ කියන්නේ 13 වෙනි සංශෝධයට අනුව පරාජිතයෙක් පත්කරන්න පුළුවන්ද?