IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


’’රනිල්ගේ ෆෝන් එකත් චෙක් කරන්න ඕන’’

(සුජිත් හේවාජුලිගේ )

මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන්ට මරණ තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේද දුරකතනය පරික්ෂා කළ යුතු බව  ජාතික ජන බලවේගය පක්ෂයේ  නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

"මට හිතෙනවා රනිල් වික්‍රමසිංහගේ ෆෝන් එකත් චෙක් කරන්න ඕන කියලා. එයා රෑට රෑට කෝල් දෙනවද දන්නෙ නෑ" යැයිද  ඔහු සඳහන් කළේය.

දැන් සෙවීමට ඇත්තේ තර්ජනයට යොදාගත් දුරකතනය කාගේද කියන එක පමණක් බවද ඔහු සඳහන්  කළේ‍ය.

මාලිමාවේ නැගිටීම හමුවේ ප්‍රතිගාමී බලවේග කලබලයට පත්ව ඇතැයි ඔහු වැඩිදුරටත් පැවසීය.



අදහස් (17)

’’රනිල්ගේ ෆෝන් එකත් චෙක් කරන්න ඕන’’

Bandara Tuesday, 31 January 2023 12:24 PM

ඔයාලගෙ ඔය අධි තක්සේරුව නිසා තමයි අන්තෙටම පැරදිල ලයිස්තුවෙන් ආපු මිනිහෙක් ජානාධිපති වුනේ. ඔයත් ඔයා වික්‍රමසිංහ එක්කත් හිටිය මතකයි. ඒ විතරක්ද මහින්ද එක්ක. එයාලාව සැරින් සැරේ බලයට ගෙනාවෙත් ඔය මහත්තයම තමයි. ඇයි දැන් අපිට කියන්නෙ.

:       20       27

aravida MonarawilaTuesday, 31 January 2023 02:17 PM

ඔයඇත්තගෙ ඔළුව කොහේ හරි වැදුනද කියල බලන්න.

:       20       16

ranjanaTuesday, 31 January 2023 03:33 PM

විධායක බලය අත් හරින ගිවිසුම 1994 දී. එම විධායක ජනාධිපතිනිය යටතේ කෘෂිකර්ම ඇමති..

:       3       9

දාස Tuesday, 31 January 2023 12:49 PM

ඔබ නිවැරදියි , ඔය යෝදයට නොකල හැකි වැඩක් නෑ

:       17       16

wijenso Tuesday, 31 January 2023 01:00 PM

රනිල් කියන්නේ නාකි මදාවියෙක් .බලය අතට අරගෙන ඕකව අල්ලලා බන්ධනාගාර ගතකරන්න

:       0       2

ranji Tuesday, 31 January 2023 01:22 PM

ෆොන් විතරක් නෙමෙයි . රනිල් පොහොට්ටුවො මාඩ්යවෙඩියනුත් මුදලට අරගෙන .. දැන් මිනිස්සු පත්තරවලට රනිල් පොහොට්ටුවො ගැන ලියන දේවල් නෙමෙයි පත්තරවල පලවෙන්නෙ .

:       2       8

යෝගා Tuesday, 31 January 2023 01:50 PM

ඒක චෙක් කලොත් ඔහෙත් එක්ක තියෙන හොර ඩීල් උනත් එලියට එන්න පුළුවන්...!

:       15       22

ත්‍රස්ත මාෂල් Tuesday, 31 January 2023 02:01 PM

මේ කතාව හරියට 83 නේ කඩ කඩල මාරු වුනා වගේ , අහක ඉන්න ජනතාව බඩු ගෙදර ගෙනිහින් නීතියෙන් දඩුවම් වින්ද . ජාත්‍යන්තරෙන් අපේ රට හෑල්ලු වුනා . ඉන්ධන හිග දවස්වල, හෙල්මට් කණ්ඩායම් එව්වා ප්‍රශ්න ඇති කරන්න . උතුරේ යුද්දයක් තියෙද්දී ,බෙදුම් වාදීන්ට උදව් කරන්න දකුණේ යුද්දයක් පටන් ගත්තු දේශප්‍රේමීන් දැන් බබ්බු වෙලා . බුලත් විට කඩයක්වත් දාල පුරුද්දක් තියෙනවද ? මේ වෙලේ බලයට කෑදර වෙලා ,මිනිස්සුන්ගේ බඩගින්නෙන් ගොඩ යන්නන්යි දගලන්නේ . මුදලට කෑදර වෙච්ච සමාජයක් නිර්මාණය වෙලයි තියෙන්නේ . ඒක නොදැන රට හදන්න බැහැ. පුලුවන්නම් හදන්න, ලොකු දෙයක් . හොදට කන්න බොන්න දුන්නේ නැතිනම් පුරුදු කරපු හෙල්මට් පාර කනවා ඉක්මනටම . රටට වෙච්ච දේට , 100 යට 100 ක් දේශපාලුවෝ වගකියන්න ඕන . නියම දේශ ප්රෙමියෙක්නම් , එකතු වෙලා රට හදල , චන්දයකට ගිහින් පෙන්නන්න . නැතිනම් විරුද්දවාදීන් දැන් සැපද කියල අහයි .

:       10       23

chathuriTuesday, 31 January 2023 06:16 PM

දකුණේ යුද්ධයක් හැදුවේ රනිල්ගේ මාමා වන ජේ ආර් ජයවර්ධන කියන මෙරටේ පහලවුන අසික්කිතම වානරයා විසින් බව මතක තියාගන්න.අපේ රට ඉන්දියාවට පාවලා දුන්න ඒ පාවාදෙන්නාගේ බෑනා ආයෙත් වතාවක් ඉන්දියාවට බයවෙලා රටේ කැල්ලක් කොටින්ට ලියලාම දෙන්න යනවා.ඔබ නොදන්නා දේවල් , ඔබට පැහැදිලිව විස්තර කරන්න බැරි දේවල් ඔහේ ලියන්න එපා. එය මේ රටේ බුද්ධිමතුන්ගේ උපහාසයට ලක්වීම වැළැක්විය නොහැකියි.

:       0       2

pakeer Tuesday, 31 January 2023 02:23 PM

වඩ පෙන්න්නන්න..අපිට ඔනෙ.. අනුන්ගෙ වැරඩි නෙමි ඩැන්..මෙක ගොඩ ගන්න විදිහක්...බයිල වැඩක් නහ..ඔයා ප්ලෑන් කරන්න ඔනෙ.. මෙක ගොඩ ගන්න විදිහක් මිසක්..අනුන්ගෙ හොර මගඩි නෙමි.. අපි දන්නව..හැමෝ හොරු තක්කඩි, ජාවරම් කාරයො කියල...ඔය බලන්න මෙක ගොඩ දාන විදිහක

:       5       9

Nuwan Tuesday, 31 January 2023 02:47 PM

බදු අඩු කරන්න පොරොන්දු උනා. දැන් ඉතින් ගෝට පස්සෙ ගිය උන් ටික මෙයා පස්සෙ යනවා.

:       5       6

ANURA ROME Tuesday, 31 January 2023 03:16 PM

මේ අපතයගෙ මුහුන දැක්කත් හැටක් විතර අනින්න හිතෙන්නෙ මට විතරද?

:       5       9

ranjana Tuesday, 31 January 2023 03:25 PM

ගැලරි කතා වලින්, සිල්ලර විදිහට ප්‍රශ්න විසදෙන්නේ නැහැ.. අවස්තාවෙන් ප්රයෝජන ගන්න... ඔය විදියට නම් පහසුවෙන් බලය ලබා ගත හැකි වේවි. හැබැයි හැමදාම බොරුව බැහැ...

:       5       8

මැක්ස් Tuesday, 31 January 2023 03:58 PM

ඒ වගේ වැඩ කරලා හොඳට පුරැදු නිසානෙ දන්නෙ. මතකනෙ 88/89 ජේවීපී කෙරැවාව.

:       5       8

pada jeppa Tuesday, 31 January 2023 05:57 PM

චෙක් කරන්න රනිල්ගෙ - - -

:       0       1

Nimal Tuesday, 31 January 2023 06:09 PM

ජාතික ජන බලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු ප්‍රධානීන්ගේ දේසපාලන ප්‍රකාශ ඔවුන්ගේ මාධ්‍ය අංශය විසින් නිකුත් කිරීමේ ක්‍රමවේදය හොදින් අද්යයනය කළහොත් එම ප්‍රකාශ පිළිබද ඉදිරියේදී ජනතව ප්‍රසන කරනු ඇත. මෙතෙක් කිසිවකු ඒ පිළිබද අවබෝද වී නොමැති බවක් පෙනේ.

:       1       0

Bamunuarachchi Tuesday, 31 January 2023 06:29 PM

1989 කාලේ මෙයා කොහොමද බේරුනේ කියලා ගෝනිබිල්ලන්ගෙන් අහන්න ඕනේ.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 290 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 192 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site