IMG-LOGO

රන්දිමාල් ගමගේ අත්අඩංගුවට

(ටී.කේ.ජී.කපිල)

අරගලයේ ක්‍රියාකාරී සාමාජික රන්දිමාල් ගමගේ අලුයම ඩුබායි සිට පැමිණෙමින් සිටියදී කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී කටුනායක ගුවන් තොටුපළ පොලීසියේ නිලධාරීන් පිරිසක් විසින් අද (05) අත් අඩංගුවට ගෙන තිබේ.

32 හැවිරිදි රන්දිමාල් ගමගේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ සංවර්ධන නිලධාරීවරයෙකු ලෙස සේවය කරන්නෙකු වන අතර ඔහු ගාල්ල , කරාපිටිය ප්‍රදේශයේ පදිංචි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපාධිධරයෙකි.

කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් මොහුගේ ලියකියවිලි පරීක්ෂා කිරීමේදී මොහුට රටින් පිටවීම තහනම් කරමින් ගුවන් ගමන් තහනමක් පනවා ඇති බව එම දෙපාර්තමේන්තු පරිගණක පද්ධතියේ පෙන්නුම් කර තිබේ. එහෙත් ඔහුට රටට ඇතුළු වීමට තහනමක් නොමැති නිසා ඔහු එතැනින් නිදහස් කිරීම සිදුවනවාත් සමගම කටුනායක ගුවන් තොටුපළ පොලීසියේ නිලධාරීන් පිරිසක් එතැනට පැමිණ මොහු අත් අඩංගුවට ගැනීම සදහා ලිඛිත ඉල්ලීමක් ඉදිරි පත් කර මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබේ .

රූපවාහිනී සංස්ථාවට ඇතුළු වී රජයේ දේපළ වලට අලාභ හානි සිදු කිරීම යන චෝදනාව යටතේ කුරුදුවත්ත පොලීසියේ ඉල්ලීම මත  මෙසේ මොහු  අත් අඩංගුවට ගෙන තිබේ .



අදහස් (5)

රන්දිමාල් ගමගේ අත්අඩංගුවට

ලුම්බිණි Thursday, 05 January 2023 01:09 PM

ඒත් කන්ජිපානිලාට කිසිම ප්‍රශ්නයක් නැතුව යන්න පුළුවන්. අත්අඩංගුවට ගන්න කිසිම කෙනෙක් නැහැ...

:       2       6

නිහාල් Thursday, 05 January 2023 01:11 PM

කන්ජිපානි පැන්නට කමක් නෑ... ගස්ලබු පලුව කාපු අය අල්ල ගත්තානේ....

:       2       7

BamunuarachchiSunday, 08 January 2023 01:30 PM

කන්ජිපානි ත්‍රස්තයෙක් නොවෙයි. මොවුන් ත්‍රස්තයින් අනාගතයේ අපිට තුණ්ඩු කෑල්ලෙන් නියෝග දෙන ත්‍රස්තයෝ. ඒ නිසා දුටුතැන සර්පයා අත්නාරිනු මෝඩයා කියන උපමේය අනුව කටයුතු කර අපිට නිදහසේ ඉන්න ඉඩ සාදාදෙන්න...

:       1       1

sharm warn Thursday, 05 January 2023 02:12 PM

කන්ජිපානි ගොයියා රටින් පනිනකල් දන්නේ නැති රනිල්ගේ පොලිසිය මේ අහිංසකයෙක් අල්ලගෙන පොරවල් වෙන්න හදනකොට අපිට කොතැනින් හිනාවෙන්නද හිතාගන්න බැරුව මේ ඉන්නේ...

:       5       9

මැක්ස් Thursday, 05 January 2023 06:08 PM

ඕනෑම කෙනෙකුට නීතිය තමා අතට ගත හැකියි යන අදහස සමාජගත කිරීමට දායක වූ මෙවැන්නන් සිටිය යුත්තේ හිර ගෙදරයි. එසේම, මොවුන්ට ඩුබායි ගොස් වියදම් කිරීමට මුදල් වැයකළේ කවුද සහ අරගලයට මුදල් පොම්ප කළ අය ඊට සම්බන්ධද යන්නත් සොයාබැලිය යුතුයි...

:       3       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 89 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 151 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1009 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site