IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


රන්දෙණිගල, මාඋස්සකැලේ , කාසල්රී ලෙල්ලටම හිඳිලා

(ෂේන් සෙනෙවිරත්න,ජේ.ඒ.එල් ජයසිංහ, රංජිත් රාජපක්ෂ සහ සුදත් එච්. එම් හේවා)

දිවයිනටම බලපා ඇති දැඩි වියලි කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වන විට රන්දෙණිගල, මාඋස්සකැලේ සහ කාසල්රී ජලාශවල ජල මට්ටම ඉතා සීඝ්‍රයෙන් පහළ බැස ඇතැයි ජලාශ බාර නිලධාරිහු පවසති.

මාවුස්සකැලේ ජලාශයේ ජල මට්මට පහළ බැසීමත් සමග පැරණි මාවුස්සාකැලේ පැරණි නගරය මතු වී ඇති අතර එහි පිහිටි පැරණි විහාරස්ථාන, කොවිල් හා පල්ලි යළි මතුව ඇත. ඒවා වැඳපුදා ගැනීමට විශාල පිරිසක් පැමිණෙති.

මාවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටම අඩි 120කි. මේ වන විට එය සිට අඩි 39.09 දක්වා පහළ බැස ඇත. මාවුස්සකැලේ මුළු ජල ප්‍රමාණය අක්කර අඩි 95400ක් වන අතර කැනියෝන්, ලක්ෂපාන, නව ලක්ෂපාන සහ පොල්පිටිය යන ජලවිදුලිබලාගාර සඳහා ප්‍රධාන වශයෙන් ජලය සැපැයෙන්නේ මාවුස්සාකැලේ ජලාශයෙනි.

කාසල්රී ජලාශයෙන් විමලසුරේන්ද්‍ර ජලාශයට සහ පොලිපිටිය යන ජලාශ දෙකකට ජලය සපයයි. කාසල් රී ජලාශයේ පිටාර මට්ටම අඩි 155ක් වන අතර එය මේ වන විට අඩි 42දක්වා පහළ බැස ඇත.

රන්දෙණිගල ජලාශයේ මුළු ජල ධාරිතාව ඝන මීටර් කෝටි 80 වන අතර (ඝනමීටර් මිලියන 800) මේ වන විට එහි මුළු ජල ධාරිතාව ඝන මීටර් කෝටි 30 දක්වා පහළ බැස ඇතැයි එහි උසස් නිලධාරියෙක් පැවැසීය. රන්දෙණිගල ජලාශයෙන් සාමාන්‍යයෙන් මෙගා වොට් 120ක විදුලියක් නිපදවන අතර මේ වන විට ජලය අඩුවීම නිසා ගිගා වොට් පැය 1කට සීමා වී ඇත.

රන්දෙණිගල ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය සැපයනුයේ වික්ටෝරියා ජලාශයෙනි. රන්දෙණිගල ජලාශයෙන් විදුලි උප්පාදනයට යොදා ගන්නා ජලය රන්ටැඹේ ජලායට මුදා හරින අතර රන්ටැඹේ ජලාශයෙන් පිටවන ජලය මිනිපේ අමුණ දක්වා පැමිණි එතැනින් වම් ඇළ සහ දකුණු ඇල වශයෙන් දෙකට බෙදී වම් ඇළ මහියංගනය දක්වා ගමන් කර කුඹුරු පෝෂණය කරයි. දකුණු ඇළෙන් ගමන් ගන්නා ජලය උල්හිටිය සහ මාදුරු ඔය හරහා කුඹුරු පෝෂණය කරයි.

 

 



අදහස් (1)

රන්දෙණිගල, මාඋස්සකැලේ , කාසල්රී ලෙල්ලටම හිඳිලා

Perera Thursday, 24 August 2023 08:41 AM

ලංකාවට මෙ ලබල තියෙන්නෙ දේව සාපයක්. මිනිස්සු හැම අතින්ම දඩුවම් විදිනව.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 220 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site