IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


රන්ජන් තනතුර බාර ගනී

(අංජුල මහික වීරරත්න)

විදේශගත ශ්‍රමිකයන්ගේ සුබ සාධනය සහ ප්‍රවර්ධනය සඳහා වන තානාපති තනතුර රන්ජන් රාමනායක මහතා විසින් භාර ගනු ලැබීය.

ජනාධිපති පොදු සමාව ලැබීමෙන් පසු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා රන්ජන් රාමනායක මහතාට මෙම තනතුර පිරිනමන බව ප්‍රකාශ කළේය.

රන්ජන් රාමනායක මහතා ඔහු කලින් පදිංචිව සිටි මාදිවෙල මන්ත්‍රී නිවාසයට පෙර දින රාත්‍රියේ මනුෂ නානායක්කාර මහතා සහ ආධාරකරුවන් සමග ගිය අතර එහිදී මනුෂ නානායක්කාර මහතා අදාළ තනතුර නිල වශයෙන් පිරිනැමීය.

එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා ද පැමිණි අතර තම අසල්වැසියා නිදහස් වීම ගැන සතුට පළ කරන බව විමලවිර දිසානායක මහතා එහිදී පැවසීය.

 



අදහස් (7)

රන්ජන් තනතුර බාර ගනී

Deepal Nirosh Saturday, 27 August 2022 09:12 AM

ආ නිදහස් වුණා ද? ඉතින් මොකට ද බං පින් තනතුරු බාරගන්නේ? ඕවා අතහරින්න.., යන්න ගම්පහට, ඉල්ලන්න ඡන්දේ...

:       5       43

ජගත් ලියනගේ Saturday, 27 August 2022 11:38 AM

අපි මෙච්චර දවසක් හිතාගෙන හිටියේ ඔහු පිටකොන්දක් තියන මිනිහෙක් කියලා.

:       5       38

BamunuarachchiSunday, 28 August 2022 02:17 PM

බලනකොට නියම පිං පියෙක්..!

:       0       0

jkayath Saturday, 27 August 2022 01:42 PM

අර දේශපාලන බුලත් හපයා මොකටද ඔතැනට ගියේ? ඒ පැත්තට පනින්න හිතිලාද...?

:       1       4

ජයරත්න Saturday, 27 August 2022 02:36 PM

රන්ජන්ට අයිතිකරුවන් ගොඩයි... පරිස්සමින්..!

:       0       8

ලලිත් අම්බලන්ගොඩ Saturday, 27 August 2022 04:10 PM

රන්ජන්ගේ විනාශයේ මුල...

:       2       9

BamunuarachchiSunday, 28 August 2022 06:10 PM

ඉතින් අපිට මොකෝ හලෝ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 428 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1029 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site