IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


රුධිර කාන්දුකරන ඒකකයේ ලෙඩුන් වෙනත් රෝහල්වලට

(පුෂ්පකුමාර ජයරත්න)

කුරුණෑගල ශික්ෂණ රෝහලේ රුධිර කාන්දුකරණ ප්‍රතිකාර ඒකකයේ දී රෝගීන් පිරිසක් හදිසියේම මරණයට පත්වීමේ සිද්ධියෙන් පසුව එහි අනෙකුත් රෝගීහු වෙනත් රෝහල් කීපයකට යොමු කරනු ලැබ සිටිති.

එම රෝගීන් මෙසේ යොමු කර ඇත්තේ කුලියාපිටිය, නිකවැරටිය, දඹදෙණිය සහ ගල්ගමුව රෝහල්වල ඇති රුධිර කාන්දුකරණ ප්‍රතිකාර ඒකකවලටය.

සතියක කාලයක සිට රෝගීන් පස් දෙනකු මරණයට පත්වීම සැලකිල්ලට ගනිමින් රුධිර කාන්දුකරණ ඒකකය තාවකාලිකව වසා දැමීමට කුරුණෑගල ශික්ෂණ රෝහලේ බලධාරීහු පසුගියදා පියවර ගත්හ.

මෙම මරණවලට හේතුව මෙතෙක් අනාවරණය වී නැතැයි ද වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් රුධිර කාන්දුකරණය සහ රුධිරය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනකුගෙන් සමන්විත පරීක්ෂණ කමිටුවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතා විසින් පත් කරනු ලැබ ඇත.

මේ පිළිබඳව කළ විමසීමකදී කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා ප්‍රකාශ කළේ රෝගී මරණ සඳහා නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණය කර ගැනීමට හැකිවී නැති බවයි.

පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන අනෙකුත් රෝගීන් පිරිසේ ආරක්ෂාව සඳහා නිවෙස් කරා යැවීමට පියවර ගත් බවද කැඳන්ගමුව මහතා සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධ විමර්ශන කටයුතු සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීහු පිරිසක්  කුරුණෑගලට පැමිණීමට නියමිතව සිටිති.

 



අදහස් (0)

රුධිර කාන්දුකරන ඒකකයේ ලෙඩුන් වෙනත් රෝහල්වලට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 264 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 990 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site