IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


රෝද තුනේ තරගය විඩියෝ කළ තරුණයා විදුලි කණුවක ගැටී මරුට

(සුමිත් පොතුපිටිය සහ සමන් කාරියවසම්)

මුදල් ඔට්ටුවට පැවැත්වූ ත්‍රිරෝද රථ රේස් තරගයක් යතුරුපැදියකින් යමින් වීඩියෝ ගත කරමින් සිටී තරුණයන් දෙදෙනෙකු ආලෝක විදුලි කනුවක ගැටීමෙන් එක් තරුණයකු මියගොස් ඇති බවත් තවත් තරුණයකු බරපතළ තුවාල ලබා ඇති බවත් පානදුර දකුණ පොලිසිය පවසයි .

අනතුරෙන් මියගොස් ඇත්තේ පානදුර නල්ලූරුව මොරවින්න ප්‍රදේශයේ පදිංචිව සිටී ජයවීර ලියනගේ දේශාන් පෙරේරා නමැති 19 හැව්රිදි තරුණයකු බව පොලිසිය කීය.

කළුතර දෙස සිට පානදුර දෙසට ත්‍රීරෝද රථ තරගයක් පවත්වා ඇති බවත් , තවත් තරුණ පිරිසක් යතුරුපැදි වලින් තරගය වීඩියෝ ගතකරමින් පැමිණ ඇති බවත් පොලිසිය පවසයි .

එහිදී එක් යතුරුපැදියක් නල්ලූරුව ප්‍රදේශයේ දී මාර්ගයෙන් ඉවතට පැන විදුලි කනුවක ගැටී ඇති අතර බරපතළ තුවාල ලැබූ තරුණයන් දෙදෙනා පානදුර මූලික රෝහලට ඇතුලත් කර ඇති බවත් සදහන් වේ.

මියගොස් ඇති තරුණයා කොළඹ ජාතික රෝහලට යොමුකර ඇතත්, නැවත පානදුර මූලික රෝහලට යොමුකර සිරුරේ අභ්‍යන්තර ඉන්දියන් වලට සිදුවූ බරපතළ තුවාල හේතුවෙන් ඇතිවූ සංකූලතා මරණය සිදුව ඇති බවට අධිකරණ වෛද්‍ය නිළධාරී ප්‍රසාන් විජේතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකල පශ්චාත් මරණ පරීක්ෂණයේදී තහවුරුව ඇති බව සදහන් වේ.

 



අදහස් (5)

රෝද තුනේ තරගය විඩියෝ කළ තරුණයා විදුලි කණුවක ගැටී මරුට

රට පෙරට Monday, 14 August 2023 03:57 AM

ලංකාවෙ දිනකට යතුරු පැදි අනතුරු කීයක් වෙනවාද ඒක යුද්ධය තිබුන කාලයේ දිනකට මියගිය ප්‍රමාණයට කොතරම් වැඩිද ලංකාවෙ තවදුරටත් යතුරු පැදි ධාවනය කරන්න දෙනවාද මෙහෙම තරුණ ජීවිත විනාශ වෙනවාට කලයුත්තේ මොකක්ද රජයේ අවධානයට යොමුවේවා

:       5       2

Perera Monday, 14 August 2023 07:54 AM

මුන්ට යන්නෙ කොහෙද කියල පෙනුනෙ නැද්ද????

:       1       7

maashi3 Monday, 14 August 2023 10:25 AM

පාරෙ රේස් ගිහින් අහිංසක මිනිස්සු මරන්න කලින් මෙහෙම දෙයක් උන එක හොදයි.

:       1       17

Nihal Monday, 14 August 2023 12:55 PM

කොණ්ඩා ඩයිකරලා පච්චා කොටපු කට්ටිය යන්නේ වන්වේ තමයි...!

:       0       8

Bamunuarachchi Tuesday, 15 August 2023 02:41 AM

මේ වචනයේ පරිසම්මාප්ත අර්ථයෙන් මදාවියෝ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 396 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 230 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1021 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site