
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
බම්බලපිටිය නගරයේ පිහිටි සිඟමන් යදිමින් සිටි බව කියන කාන්තාවකගේ මාස එකහමාරක් පමණ වයසැති දරුවා කාන්තාවක් සහ තවත් පුද්ගලයන් දෙදෙනකු පැමිණ පැහැරගෙන ත්‍රිරෝද රථයකින් පලාගොස් ඇතැයි බම්බලපිටිය පොලීසිය පවසයි.
සිඟමනේ යෙදෙන බව කියන කාන්තාව මේ බව බම්බලපිටිය පොලිසියට පැමිණිලි කරනු ලැබුවාය.
බම්බලපිටිය නගරයේ පිහිටි ආයතනයක් අසල මෙම කාන්තාව අත දරුවාද වඩාගෙන සිඟමනේ නිරතව සිටි ඇත.
ත්‍රිරෝද රථයකින් පැමිණි කාන්තාවක් සහ තවත් පුද්ගලයකු දරුවාට ඇඳුම් පැළඳුම් මිලදීගෙන දෙන බව කියා ඇය දරුවා ද සමඟ එම ත්‍රිරෝද රථයේ ගොඩ කරවාගෙන දෙමටගොඩ ප්‍රදේශයේ පිහිටි රෙදි සාප්පුවක් වෙත රැගෙන ගොස් ඇතැයි පොලීසිය සඳහන් කරයි.
ඔවුන් පැමිණි ත්‍රී රෝද රථයේ රියදුරාට කුලිය ගෙවා ඔහු පිටත් කර යවා තිබේ.
ත්‍රීරෝද රථයේ පැමිණි කාන්තාව සහ පුද්ගලයා එම රෙදි සාප්පුවෙන් දරුවාට රුපියල් 1900ක් පමණ වටිනා රෙදිපිළි මිලදී ගෙන දී ඇත. පසුව එම කාන්තාව සහ පුද්ගලයා විසින් ගෙන්වාගත් වෙනත් ත්‍රීරෝද රථයක නංවාගෙන කාන්තාව සහ දරුවා කොම්පඤ්ඤ වීදිය ප්‍රදේශයේ පිහිටි හෝටලයක් අසල පිහිටි රථ ගාලකට කැඳවාගෙන ගොස් ඇතැයි පොලීසිය සඳහන් කරයි.
ත්‍රිරෝද රථයෙන් ආ කාන්තාව සිඟමනේ යෙදී සිටි බව කියන කාන්තාවගෙන් අත දරුවා වඩා ගැනීමට ඉල්ලා සිටි අවස්ථාවේ ඇය දරුවා වඩා ගැනීමට දීම ප්‍රතික්ෂේප කර ඇත.
මේ අවස්ථාවේ කාන්තාව සමඟ පැමිණි පුද්ගලයා සහ ත්‍රිරෝද රථ රියදුරාඅත දරුවා උදුරා ගෙනයාචක කාන්තාව ත්‍රිරෝද රථයෙන් බිමට ඇද දමා අත දරුවාද පැහැර ගෙන පලාගොස් ඇතැයි පොලිසිය කීය.
සිඟමනේ යෙදෙන බව කියන කාන්තාව පොලීසියට පැමිණ මෙම තොරතුරු හෙළිකරමින් පැමිණිලි කරනු ලැබුවාය.
2025 දෙසැම්බර් මස 18
376
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
223
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1016
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රෝද තුනෙන් ඇවිත් යාචක කතගේ දරුවා උස්සයි
තාරුකා Thursday, 02 March 2023 04:04 PM
සිඟමන් ගැනීමට පහසුව සදහා කුඩා දරුවා යොදාගෙන ඇති .ඒක ළමා අපයෝජනයක් වෙනවා ඇත්තටම අම්මා කෙනෙක් නම් දරුවන් හිගමනේ ගෙනයන්නෙ නැහැ කියලා හිතෙනවා