IMG-LOGO

රිදියගම සෆාරියේ දෙවැනි කොටස 4වෙනිදා සිට ඇරෙයි

(අංජුල මහික වීරරත්න)

රිදියගම සෆාරි සත්වෝද්‍යානයේ දෙවන කොටස ලබන මස 4 දින සිට ජනතාවට විවෘත කිරීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම,වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.  

ශ්‍රීලංකාවේ පළමු සෆාරි සත්ව උද්‍යානය වන හම්බන්තොට සෆාරි සත්වෝද්‍යානයේ දැනට මහජනතාව සඳහා විවෘත කොට තිබෙන්නේ  මුළු භූමි  ප්‍රමාණයයෙන් අක්කර 34ක කොටසක් පමණි. 

ඔක්තොබර් මස 04 දිනට යෙදී තිබෙන ලෝක සත්ව දිනයට (World Animal Day) සමගාමීව රිදියගම සෆාරි උද්‍යානයේ දෙවන කොටස විවෘත කිරීමට ජාතික සත්වෝද්‍යාන දෙපරාත්මේන්තුව  සැලසුම් කර තිබේ.

රිදියගම සෆාරි  උද්‍යානය සඳහා අක්කර 500 ක පමණ බිම් පෙදෙසක් වෙන් කොට ඇති අතර විවිධ සතුන් වර්ග සඳහා කලාප 13 ක් පිහිටුවා තිබේ.  දැනට ඉන් අක්කර 200 ක පමණ ප්‍රමාණයක් සංවර්ධනය කොට එහි පරිපාලන ගොඩනැගිලි, සත්ව රෝහල, නරඹන්නන්ට පහසුකම් සලසන ස්ථාන, අලෙවි හල්  වාහන නැවතුම් ස්ථාන ආදිය හා සත්ව කලාප කිහිපයක වැඩ නිමකර ඇත.

මේ සත්ව කලාප වන්නේ අක්කර 35 ක පමණ භූමි ප්‍රදේශයක පවතින අප්‍රිකානු සිංහ කලාපය, අක්කර 80 ක පමණ පැතිරී ඇති ශාඛ භක්ෂක සතුන් කලාපය හා අක්කර අක්කර 54 කින් යුතු ආසියානු අලින්ගේ කලාපය හා බෙංගාලි ව්‍යාඝ්‍රයන්ගේ කලාපයයි.  

ලබන මස 04 දින විවෘත කිරීමට යෝජිත කොටස  කළාප තුනකින් සමන්විතය. එහි කුඩා ශාක භක්ෂක සතුන් ( ගෝනමුවා, ඕළුමුවා, මීමින්නා, වැනි මුව වර්ග)  සඳහා වන කලාපයක්  හා සුරතල් සතුන් සමග විනෝදවීමට ළමුන් සඳහා ඉදි කළ කලාපයක් ද මෙම  කොටසෙහි ඉදි කර තිබේ.

ඊට අමරව සත්ව අභිජනන සංරක්ෂණ මධ්‍යස්ථානයක් ද ඉදි කර ඇති අතර එම කොටස නරඹන්නන්  සදහා විවෘත නොකෙරේ.

සුරතල් සතුන්ට ආහාර ලබා දීම, හා එම සතුන් සමග ඡායාරූප ගැනීම වැනි අවස්ථාවන්ට ද මෙහි ප්‍රමුඛත්වය ලබා දී ඇතැයි ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි.



අදහස් (0)

රිදියගම සෆාරියේ දෙවැනි කොටස 4වෙනිදා සිට ඇරෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 516 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 695 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 282 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site