IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


රතු ලයිස්තුවේ පාතාලේ පද්මෙ ඩුබායිවලදී අත්අඩංගුවට

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

පාතාල ලෝකයේ ප්‍රබල නායකයකු ලෙස සැලකෙන කෙහෙල්බැද්දර පද්මෙ  නමැත්තා සහ ඔහුගේ ගෝලයන් බව කියන තිදෙනකු ඩුබායි  රහස් පොලිසිය සැකපිට අත්අඩංගුවට ගෙන ඇතැයි එරටින් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙහෙල්බැද්දර පද්මෙ නැමැත්තාට අමතරව සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔහුගේ ගෝලයන් බව කියන දාගොන්නේ අවිස්ක හෙවත් කිරිපුතා, ජම්බු ගස් මුල්ලේ බබී සහ ගීත්මාල් යන තිදෙනාය.

ජාත්‍යන්තර පොලිසිය විසින් රතු නිවේදන නිකුත් කරනු ලැබ ඇති පාතාල නායකයන් හතළිස් තුන්දෙනාගේ ලයිස්තුවට කෙහෙල් බැද්දර පද්මෙ  සහ ජම්බු ගස් මුල්ලේ බබී නැමැත්තන් ද සිටින බව මේ රට පාතාල මර්දන කටයුතු මෙහෙයවන උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

මොවුන්  සමග සමීප  තවත් ශ්‍රී ලාංකිකයන් දොළොස් දෙනකු එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන විමර්ශන පවත්වා ඔවුන් මුදාහැර ඇතැයි ද ඩුබායිවලින් ලැබෙන  ආරංචි මාර්ගවලින් වැඩිදුරටත් දැන ගැනීමට ඇත.

කෙහෙල් බද්දර පද්මේ නැමැත්තා එරටේ සිට මෙරට සිටින ගෝල බාලයන් මෙහෙයවමින් මනුෂ්‍ය ඝාතන සහ කප්පම් ගැනීම් සිදුකරන පුද්ගලයකු බවට අනාවරණය වී තිබිණි.



අදහස් (1)

රතු ලයිස්තුවේ පාතාලේ පද්මෙ ඩුබායිවලදී අත්අඩංගුවට

Ranjan Sunday, 28 April 2024 11:38 PM

ඔය ඩුබායි කියන්නේ මේ ලෝකයේ තියෙන ජරාම රටක් !!! ,මිනීමරුවෝ , ලෝක හොරු,කුඩු කාරයෝ ,ස්ත්‍රී දුෂකයෝ ..ඔක්කොම ජිවත්වෙන්නේ ඩුබායි වල.

:       7       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 242 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site