IMG-LOGO

2025 අගෝස්තු මස 09 වන සෙනසුරාදා


රතු ලේබල් ඇලවූ කන්ටේනර් 323ක් වරායෙන් පිට කරලා

(සුජිත් හේවාජුලිගේ )

වැඩිදුර පරීක්ෂා කිරීමට අවශ්‍යව  වරායේ   තිබූ රතු ලේබල් ඇලවූ සැකකටයුතු  කන්ටේනර් තුන්සිය විසිතුනක්  හිටි හැටියේ  පිට කිරීම බරපතළ  සැකයට තුඩු දෙන කාරණයක් බව සමග ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජීබර් රාහුමන් මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් තමා නොයෙක්වර ප්‍රශ්න කළද ආණ්ඩුව  අද වනතුරු පාර්ලිමේන්තුවට කිසිදු තොරතුරක් ඉදිරිපත් කර නැතැයි ද ඔහු චෝදනා කළේය.

මෙම කන්ටේනර් වල තිබුණේ  මොනවාදැයි කීමට දන්නේ උඩ ඉන්න දෙවියන් පමණක් බව පැවසූ මන්ත්‍රීවරයා ආණ්ඩුව වහාම මේ ගැන රටට ප්‍රසිද්ධ  ප්‍රකාශයක් කළ යුතු බවද සඳහන්  කළේය

මන්ත්‍රීවරයා මෙසේ පැවසුවේ කොළඹදී අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය



අදහස් (13)

රතු ලේබල් ඇලවූ කන්ටේනර් 323ක් වරායෙන් පිට කරලා

ජිල්බු Monday, 28 April 2025 09:10 PM

ඇයි ඉතින් උඩ ඉන්න දෙවියන්ගෙන් අහන්නැත්තේ? ඇහුවොත් කියන එකක් නැද්ද?

:       10       10

කව්ද බෝයි Monday, 28 April 2025 09:20 PM

ඔක්කොටම කලියෙන් නායකතුමාට කියනවද, අර හාල් මුදලාලිගෙන් ගත්තු ලක්ෂ පන්දාහ රිටන් කරලා ඉන්න කියලා?

:       7       14

රම්බොඩ Monday, 28 April 2025 11:39 PM

මෙයාලා දෙන ගේම් අහුවෙන්නෙ ඊළඟ ආණ්ඩුවකදී.

:       10       14

Gamini Tuesday, 29 April 2025 02:35 AM

අනවශ්‍ය ප්‍රශ්න අහන්න එපා. බඩු ගෙන්නද්දී , හොඳ බඩු විතරක් ගෙන්නන්න කියලා ඒ අය උපදෙස් දීලා තියෙනවා. කවුරුවත් නරක දේවල් ගෙන්නන්නේ නැහැ . මේ විදියට හොරන්ට හොරකම් කරන්න එපා කියලා පොලිසි ටික වහල දාන්නත් බැරි නැහැ.

:       3       8

Perera Tuesday, 29 April 2025 05:35 AM

ඔය කෙරුවා කියන ප්‍රශ්න කිරීම් හැන්සාඩ් එකේ තියනවද කියන්නකෝ ?

:       5       11

ගුණරත්න Tuesday, 29 April 2025 07:42 AM

ගිය ආණ්ඩුව කාලේ ඔහොමදෙයක් උනා නම් එක උන්නැහේ කෙනෙක් කට උල් කරලා රට දෙවනත් කරන හැටි බලන්න තිබුන.

:       4       4

අරවින්ද මොණරවිල Tuesday, 29 April 2025 09:18 AM

දේශපාලන හිගන්නෝ, දැන් මෙයාලට යන එන මං නැහැ, ඒ නිසා වරායේ ගේට්ටු ගාවට වෙලා එලියට යන කන්ටේනර් ගනන් කරනවා ඇති. රේගු අධ්‍යක්ෂක පැහැදිලිව කිව්වා නේද ඒම කන්ටේනර් යැව්වේ නිසි ක්‍රමවේදයකට කියලා. ඒ ප්‍රකාශය ගැන සැහැහීමකට පත්වෙනවා බැරි නම් අවශ්‍ය නීති ක්‍රියා මාර්ග ගන්න පුළුවන්. තැන තැන රස්තියාදු ගහමින් කෙදිරි ගාන්නේ නැතුව.

:       11       18

පුරවැසියන් Tuesday, 29 April 2025 09:25 AM

මේව කලිනුත් වෙච්ච දේවල්, ඒව යම් ක්‍රමවේද අනුව රේගුවෙ තීරණ සක කල බව රේගු අධ්‍යක්ෂ ප්‍රකාශ කලා, මේක අල්ලගෙන ඔහෙ කියවයව, හැකිනම් ඔය කන්ටෙයිනරයක තිබුණ දෙයක් හොයල කියන්න ඔබතුමාට පුළුවන් වෙන්න එපායැ. කියන්නම දෙයක් නැතිව කියන කතා තමයි මේ.

:       8       16

Colombo Citizen Tuesday, 29 April 2025 09:53 AM

නීතිය හා සාමය නොමැති රටක අපට තවත් කුමක් බලාපොරොත්තු විය හැකිද?

:       14       10

Anura PathiranaTuesday, 29 April 2025 10:04 AM

කලින් තිබුනද එහෙම එකක්

:       7       6

යෝගා Tuesday, 29 April 2025 09:57 AM

ලංකා ඉතිහාසයේ ලොකුම හොරකම මේක වෙන්න ඕන. කරලා තියෙන්නේ හැමෝටම හොරු කියලා චෝදනා කරන පැලවත්තේ කප්පම් ජෙපි නායකයෝ. කන්ටේනර් ඇතුලේ තිබුණේ රත්තරන්ද, කුඩුද ආයයුධද කියලා කයියනායකලට උත්තර දෙන්න වෙයි අනාගතයේදී.

:       18       16

janahitha Tuesday, 29 April 2025 10:02 AM

ටොන් පචයා , ඔයානේ මේකට දක්ෂයා!

:       2       16

pacha mujibar Tuesday, 29 April 2025 10:04 AM

අපි තමා හොඳටම කළේ — කන්ටේනර් පැන්නුවා , බොම්බ තිබ්බා . නොයෙක් දේවල් අපි තමා පාල පුරුදු හොරු — ජවිපෙට බැහැ

:       6       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 421 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 310 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 483 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site