IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


රත්මලාන දුම්රිය වැඩපොළ සොරුගෙන් බේරාගැනීමට ආරක්ෂක වැඩපිළිවෙළක්

(යොහාන් භාසුර)

කර්මාන්තශාලා 34කින් සමන්විත, රත්මලාන මහා දුම්රිය වැඩපොලේ යන්ත්‍ර සුත්‍ර, ඇතුළු දේපොළවලට සොරුන්ගෙන් එල්ල වී තර්ජනය පිළිබඳව අවධානය යොමුකර නව ආරක්ෂක වැඩපිළිවෙළක් සකස් කිරීමට ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කටයුතු කර තිබේ.

දුම්රිය සේවකයින්ට තර්ජ සහ බිය වැද්දීම් කර රජය සතු දේපොළ සොරා ගැනීමට සංවිධානාත්මක පිරිසක් ක්‍රියා කරන බව පොලිස් පරීක්ෂණවලින් හෙළි වී ඇති බවත් ගල්කිස්ස දිසාව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා මෙම වැඩපොළ තුල සිදුවන මහා පරිමාණ සොරකම්, වංචා, දුෂණ පිලිබඳ  විමර්ශනයක් පවත්වා ඇති බවක් ප්‍රවාහන අමාත්‍යංශය පවසයි.

ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සහ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු උසස් පොලිස් නිලධාරීන් සමඟ රත්මලාන දුම්රිය වැඩපොලේ නිරීක්ෂණ චාරිකාවක නිරත වීමෙන් පසුව නව ආරක්ෂක වැඩපිළිවෙළක් සකස් කිරීමට තීරණය කළහ.



අදහස් (6)

රත්මලාන දුම්රිය වැඩපොළ සොරුගෙන් බේරාගැනීමට ආරක්ෂක වැඩපිළිවෙළක්

ඉන්දික Monday, 29 August 2022 09:33 PM

ලැජ්ජයි අපේ පොලීසිය ගැන කියන්න. දේශපාලකයින්ට ඕනෑ විදියට අරගලකරුවන් පන්න පන්න හොයනවා. දුම්රියේ බඩු හොරකම් කරන අයව හොයාගන්න ඒවා ආරක්ෂා කරගන්න බැහැ... දුම්රියත් රටේ දේශපාලකයෙක්ගේ වුණා නම් පොලීසිය පන්න පන්න හොයයි.

:       0       0

sachith Monday, 29 August 2022 09:34 PM

ගරු අධිකරණයට බාරවෙන්න කියලා කිව්ව කෙනෙකුත් ඉන්නවා නේද?

:       0       0

sisil Monday, 29 August 2022 09:49 PM

රත්මලාන දුම්රිය වැඩපොළ සොරුන්ගෙන් බේරාගැනීමට ආරක්ෂක වැඩපිළිවෙළක් පිළිබඳව සාකච්ඡා කිරීමට "ගෞරවනීය" යූනියන්ස් සම්බන්ධ වී නැත.

:       0       0

WCA Tuesday, 30 August 2022 12:20 AM

බයියන්ට ගහනවා කිව්වොත් නම් වැඩේ කෙරෙයි. නැත්නම් ඉතින් බඩුම තමයි...!

:       0       0

සක්‍රයා Tuesday, 30 August 2022 07:45 AM

ඇමැතියාගේ ඉඳලා දුම්රියේ පහළම සේවකයා දක්වා ඉන්නේ හොරු... මොවුන් හොරකම් කරන්නේ එක එක විදිහට කොමිස් ගැහිල්ලෙන්..., පරණ ඇන්ජින් ආනයනයෙන්, යකඩ කෑල්ලෙන්, පඩියෙන්, ඕටි එකෙන් ඇකුළුව මහඅය මහා පරිමාණයෙන් පොඩි අය සුළු පරිමාණයෙන්. හොරුන්ගෙන් ආරක්ෂා කරන්නයි කියලා තවත් ගාණක් කපාගන්නයි හදන්නේ...

:       0       0

Bamunuarachchi Tuesday, 30 August 2022 10:30 AM

ඉංග්‍රීසි කියමනක් තිබෙනවා හොරෙක් අල්ලන්න හොරෙක් යොදවන්න කියාලා. ඒ කියමන ක්‍රීයාත්මක වෙන පටන් ගැන්මේම බව පෙනෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 421 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1027 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site