
(අංජුල මහික වීරරත්න)
රත්මලානෙහි පිහිටි කොළඹ ජාත්‍යන්තර ගුවන්තොටු පොළෙහි ගුවන් තොටුපොළ පහසුකම් සංකීර්ණයක් ඉදිකිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
රත්මලානේ පිහිටි කොළඹ ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙහි ගුවන් තොටුපොළ පහසුකම් සංකීර්ණයක් ඉදිකිරීම සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භ කිරීම පිණිස 2019 - 09 -17 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ.
ඒ අනුව, ජාතික තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය යටතේ ලංසු කැඳවීම සිදු කරන ලදුව, ලංසුකරුවන් නව දෙනෙකු විසින් සිය ලංසු ඉදිරිපත් කරනු ලැබ ඇත. එකී ලංසු ඇගයීමෙන් පසු අදාළ ලංසු ඇගයීමේ කමිටුව හා ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ලබා දෙන ලද නිර්දේශ මත පදනම්ව අවම ලංසුකරු වන Sanken Construction (Private) Limited වෙත අදාළ කොන්ත්‍රාත්තුව රුපියල් මිලියන 3,046.29 ක (එකතු කළ අගය මත බදු රහිත) මුදලකට පිරිනැමීම පිණිස ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
810
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
593
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
රත්මලාන ගුවන් තොටේ පහසුකම් වැඩි කරයි
Perera Thursday, 09 October 2025 05:28 AM
2019 අනුමැතිය ලැබිලානම් ඒ කාලේම ලන්සුත් කඳවන්න ඇති. දැන් කාලේ හැටියට ඒ ලන්සු වලංගුද?????
de silva Thursday, 09 October 2025 11:07 AM
තවත් එකතරා මුදල් නාස්තියක් , කාටුනයක් ගුවන්තොටුපල පිහිටලා තිබෙන්නේ රත්මලානේ සිට කිලෝමීටර් 45 දුරින් , කටුනායක සිට කොළඹ නගරෙට අධිවේගී මාර්ගය භාවිතා කර පැයභාගෙට අඩු කලෙකදී ලග වෙන්න පුළුවන් , ජාත්‍යන්තර ගුවන් තොටුපළවල් 2 කොළඹට අවශ්‍ය නැහැ , ඕක සම්පුර්ණයෙන්ම ගුවන් හමුදාවට භාර දිලා , අර කටුනායක ගුවන්තොටුපලට උතුරෙන් පිහිටි ගුවන් හමුදා කඳවුරත් රත්මලානට ගෙනත් එම බිම් කොටස භාවිත කර කටුනායක පුළුල් කරන්න කටයුතු කල නම් වටිනවා ,