IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


රතන හිමි පක්ෂයෙන් නෙරපීම නීතියට පටහැනියි

(රන්ජන් කටුගම්පොළ)

පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් අපේ ජන බල පක්ෂයෙන් නෙරපීමට ගෙන ඇති තීරණය නීතියට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේ අතුරලියේ රතන හිමියන් ගොනු කර තිබූ පෙත්සමක් විභාගයට ගැනීමෙන් පසුවය.

බුවනෙක අලුවිහාරේ, මෘර්දු ප්‍රනාන්දු සහ ජනක් ද සිල්වා මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම සළකා බැලින.

අතුරලියේ රතන හිමියන්ගේ නායකත්වයෙන් යුත් විජය ධරනි පක්ෂය අපේ ජනබල පක්ෂය සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹී ඇතැයි තීන්දුවේ සඳහන් වේ.තත්ත්වය මෙසේ තිබියදී 2011-10-15 යන දින විනය කමිටුව මගින් අතුරලියේ රතන හිමියන් පක්ෂයෙන් නෙරපා ඇතැයි දැනුම් දී ඇති බවද තීන්දුවේ දැක්වේ.එහෙත් අවබෝධතා ගිවිසුමට අනුව අපේ ජන බල වේගය පක්ෂයට අතුරලියේ රතන හිමියන්ට එරෙහිව විනය පියවර ගැනීමට බලයක් නොමැති බවද තීන්දුවේ සඳහන් වේ.

පෙත්සම්කාර හිමි වෙනුවෙන් ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා පෙනී සිටියේය.

අපේ ජන බලවේගය වෙනුවෙන් ජනාධිපති නීතිඥ ෆර්මාන් කාසිම් මහතා පෙනී සිටියේය.



අදහස් (1)

රතන හිමි පක්ෂයෙන් නෙරපීම නීතියට පටහැනියි

වටලප්පංං Friday, 13 October 2023 05:38 PM

එලෙව්වත්, නැතත්... කොහේ හිටියත් මේ ඔක්කෝම එකම කට්ටිය. වැඩක් නැහැ...

:       2       14

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 182 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 159 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 961 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site