IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


රත්නපුරේ විදුහල්පති සිසු අපයෝජනය කාලෙක ඉඳන් කරගෙන ගිහින්

(ඩයනා උදයංගනී)

රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රධාන පාසලක සිසුවකු බරපතල ලෙස ලිංගික අපයෝජනයට ලක් කළ බවට සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇති එම පාසලේ විදුහල්පතිවරයා කලක පටන් එහි සිසුන් අපයෝජනය කර ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ජාතික ළමා රක්‍ෂක අධිකාරියේ සභාපති, උදය කුමාර අමරසිංහ මහතා පැවසීය.
රත්නපුර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක විදුහල්පතිවරයා එහි සිසුවකු ලිංගිකව අපයෝජනනය කර ඇති බවට අධිකාරියේ හදිසි දුරකතන ඇමතුම් අංකයට ලැබුණු පැමිණිල්ලක් මත සිදුකළ විශේෂ විමර්ශනයකින් පසු ළමා රක්‍ෂක අධිකාරියේ නිලධාරීන් විසින් මෙම විදුහල්පතිවරයා අත්අඩංගුවට ගත් බව ද ඔහු සඳහන් කළේය.

මෙම විදුහල්පතිවරයා දීර්ඝ කාලයක් තිස්සේ ඉතා සූක්‍ෂමව පාසලේ සිසුන් තම නිල නිවාසයට ගෙන්වාගෙන මුදල් ත්‍යාග සහ විවිධ වරප්‍රසාද ලබාදෙමින් ලිංගික අපයෝජනයන් කර ඇති බවට ද සිදුකළ විමර්ශනවලදී තොරතුරු හෙළි වූ බව අමරසිංහ මහතා කීවේය.

විදුහල්පතිවරයා බන්ධනාගාරගත කිරීමෙන් පසු තවත් සිසුන්, ගුරුවරුන් දෙමාපියන් ඔහුට එරෙහි තොරතුරු ලබා දුන් බවත්, ඒවා සත්‍ය තොරතුරුදැයි තහවුරු කරගැනීම සඳහා විමර්ෂණ පවත්වමින් සිටින බවත් ඔහු කීවේය.
එමෙන්ම මෙසේ තොරතුරු ලබාදීම වැළැක්වීම සඳහා පාසලේ ඇතැම් ගුරුවරුන්, ආදි සිසුන් ආදීන් සාක්ෂිකරුවන්ට බලපෑම් කරමින් සිටින බවත් ඔහු කීවේය.

මෙවැනි අපයෝජනයන්ට ලක්වන තවත් දරුවන් සිටිය හැකි බවත්, ඇතැමුන් ලැජ්ජාව සහ බිය නිසා ඒ සම්බන්ධයෙන් පැමිණිලි නොකරන බවත් කී උදය කුමාර අමරසිංහ මහතා මෙවැනි තත්වයන්ට මුහුණ පෑ තවත් දරුවන් වේ නම් ඒ බව ජාතික ළමා රක්‍ෂක අධිකාරියේ 1929 හදිසි ඇමතුම් අංකය ඔස්සේ හෝ 071 8387130 යන තම පෞද්ගලික දුරකතන අංකය ඔස්සේ දැනුම් දෙන ලෙස ඉල්ලීමක් ද කළේය.

මෙසේ තොරතුරු ලබාදෙන දරුවන්, දෙමාපියන් සහ ගුරුවරුන් ආදීන්ගේ පෞද්ගලිකත්වය හා රහස්‍යභාවය ආරක්‍ෂා කරන බව කී සභාපතිවරයා තොරතුරු යටපත් කිරීම සඳහා බලපෑම් කරන පිරිස් වෙතොත් ඔවුන්ට එරෙහිව ද ක්‍රියාමාර්ග ගන්නා බව කීවේය.



අදහස් (7)

රත්නපුරේ විදුහල්පති සිසු අපයෝජනය කාලෙක ඉඳන් කරගෙන ගිහින්

කිරි පුතා Thursday, 25 August 2022 07:25 PM

සමරිසි නීත්‍යානුකූල කළාම මෙයාලට හොඳ වෙයි.

:       0       0

Gihan Friday, 26 August 2022 07:43 AM

සෞදි අරාබි ලෝ එක දෙන්න.. ජීවිත කාලයටම හිරේ දාන්න.

:       0       3

Mahee Friday, 26 August 2022 09:25 AM

ඉස්ටාලින් ඇතුළු ගුරු වෘත්තීය සමිති, විදුහල්පතිවරයා අත් අඩංගුවට ගැනීම කුමන්ත්‍රණයක් බවට පවසා කෙරෙන උද්ඝෝෂණයට ඔබත් සහභාගි වන්න.

:       7       3

පිටිගල මිලානාේ Friday, 26 August 2022 09:29 AM

ප්‍රධාන පෙලේ බෝඩිං පාසල් වල ලමයින් සහ පංසල්වල පොඩි උන්නාන්සෙලා තම තමන්ගේ පැමිණිලි තියෙනවා නම් පෙරට එන්න.

:       2       6

Prase Friday, 26 August 2022 12:36 PM

කෝ අර ලමයි ගෙ අයිතීන් ගැන කතා කරන්න ස්ටාලින්, වෘතීය සමිති වහා අහෝසි කරන්න රජයට බල කරමු

:       0       0

samaadi Friday, 26 August 2022 12:38 PM

ඔය අශීලාචාර චීවරදාරියොත් උසාවියට පෙලගස්සන්න ඔනෙ !

:       0       0

මාවන් Friday, 26 August 2022 01:24 PM

කවුද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 433 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site