IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


රත්නපුර මහ දිසාපතිගේ නිවසට හොරු පැනලා

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

රත්නපුර මහ දිසාපති  පදිංචි  හොරණ මුණගම  දෙමහල් නිවසින් රුපියල් ලක්ෂ  9 කට අධික වටිනා රන් භාණ්ඩ සොරාගෙන ගොස් ඇතැයි හොරණ මූලස්ථාන පොලිසිය කියයි .

සොරාගෙන ගිය දේපළ අතර රන් මුදු 6 ක් ,පෙන්ඩන්ඩ් 2 ක් , අත් පළඳනා 1 ක්  හා කරාබු ජෝඩු 1 ක් බව පොලිසිය සඳහන් කරයි.

සොරකම සිදුවී ඇති කාලය තුළදී දිසාපතිවරයා ඇතුළු පවුලේ අය දෙමහල් නිවසේ උඩුමහලේ නින්දේ සිට ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

දිසාපතිවරයාගේ බිරිඳ වන හොරණ උඩුව කනිෂ්ට විද්‍යාලයේ විදුහල්පතිනි මේ පිළිබඳව පොලිසියට පැමිණිලි කර ඇත.



අදහස් (6)

රත්නපුර මහ දිසාපතිගේ නිවසට හොරු පැනලා

පිටිගල මිලානෝ Sunday, 07 July 2024 11:33 AM

හොරා රත්නපුරේ කෙනෙක් නෙවෙයි වගේ... නැත්නම් මැණික් කාරයෝ ඉඳිද්දී රජයේ සේවකයෙක්ගේ ගෙදරට පනියිද….?

:       3       4

thushara Sunday, 07 July 2024 11:49 AM

මෙතුමා ඇඹිලිපිටියේ ප්‍රාදේශීය ලේකම් ලෙස කටයුතු කල කාලේ මේ ගෙවල් ගොඩනැගුවේ කොච්චර අමාරුවෙන්ද කියලා දන්නේ ඇඹිලිපිටියේ ගස් වෙළඳාම් කරන අයයි, ගල්කොරි කරන අයයි විතරයි.. එම කම්බ හොරුන්ව අපි තරයේ හෙළාදකිනවා...! 

:       0       16

Lalith Monday, 08 July 2024 08:31 AM

එහෙනම් ඉතින් කලුවර බුරුත මිල්ල කුඹුක් වගේ කිසිම වටිනාකමක් නැති බාලම වර්ගවල ලී දාලා ගෙය හදල ඇති අනේ පව් දෙයියනේ

:       0       3

PGP Thilak Sunday, 07 July 2024 02:19 PM

මෙයාලා ළඟ තියෙන්නේ මිනිස්සු රස්තියාදු කරවමින් නැති නීති රෙගුලාසි දමලා ගත්තු පගා සල්ලි...!!!

:       3       8

Sugunarathna Sunday, 07 July 2024 02:50 PM

හදපු ගෙදර කුලියට දීලා (එතකොට තවත් ගණනක් අතට ලැබෙනවා) රත්නපුර නව නගරයේ රජයේ සේවකයින් සේවය කරන නිල නිවසේ පදිංචියට ආවා නම් ඕවා වෙන්නේ නැහැ.. දිනපතා නිලරථය සඳහා ඉන්ධන වැයවෙන්නෙත් නැහැ. රියදුරුට අතිකාල දීමනා අවශ්‍ය වෙන්නත් නැහැ. රජයට ඉතාමත් ලාභයක් වෙනවා. බිරිඳට සේවය සඳහා රත්නපුර ප්‍රදේශයේ පාසල් තියෙනවා...

:       1       6

Lekamgee Sunday, 07 July 2024 04:10 PM

දැන් කොහේද මහ දිසාපතිලා ඉන්නෙ .ලොක්කන්ට කොන්ද නොනැමූ දිසාපතිලා හිටියෙ 1992 දක්වා පමණයි. දැන් ඉන්නෙ දිස්ත්‍රික් ලේකම්ලා පමණයි .ලස්සනම වැඩේ කියන්නෙ දේශපාලන පක්ෂවලත් දිස්ත්‍රික් ලේකම්ලා ඉන්නවා

:       1       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 563 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 279 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1081 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site