IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


රත්නපුරේ දරුවන් 1336 කට මන්දපෝෂණය

(සුජිත් හේවාජුලිගේ )

රත්නපුර දිස්ත්‍රික්කයේ  වයස අවුරුදු පහට අඩු දරුවන් 1336 දෙනකු තීව්‍ර මන්දපෝෂණ තත්වයෙන් පෙළෙන බව  සෞඛ්‍ය අංශ තහවුරු කර ඇතැයි රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පැවසීය.

මෙයින්  දරුවන් 838 දෙනෙකු ආර්ථික අපහසුතාවයෙන් පෙළෙන පවුල්වල අය බව පැවසූ මන්ත්‍රීවරයා රක්තහීනතාවයෙන් (ලේ හිඟ කමින්) පෙළෙන ගැබිනි  මවුවරුන්  4351 දෙනකුද  දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇතැයි  ප්‍රකාශ කළේය.

තීව්‍ර මන්දපෝෂණ තත්වයෙන් පෙළෙන දරුවන් වැඩි ප්‍රමාණයක් හමුවී ඇත්තේ ගොඩකවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙනි.  එම දරුවන් සංඛ්‍යාව 315 කි.

මීට අමතරව රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් මන්දපෝෂිත දරුවන් 148 දෙනකුද  කුරුවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් දරුවන් 121 දෙනකුද පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් දරුවන් 105 දෙනකද කොලොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් දරුවන්  98 දෙනකුද නිවිතිගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් දරුවන් 87 දෙනකුද ඇලපාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් දරුවන් 83  දෙනෙකුද ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් දරුවන් 66 දෙනකුද අයගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් දරුවන් 63 දෙනකුද බලංගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් දරුවන්  පනස් දෙදෙනෙකුද හමුවී ඇති බව ගාමිණී වලේබොඩ මහතා  සඳහන් කළේය.

මෙම තත්වයෙන් දරුවන් මුදවා ගැනීම සඳහා මන්ත්‍රීවරයකු ලෙස දානපතියන් හා එක්ව තමා උපරිම වශයෙන් කටයුතු කරමින් සිටියත්   එය ප්‍රමාණවත් නොවන බව පැවසූ මන්ත්‍රීවරයා රත්නපුරයේ දරුවන්ගේ  මන්දපෝෂණ තත්වය ගැන වහා  අවධානය යොමු කර  ප්‍රශ්නය විසඳීම   සදහා සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස  රජයෙන් ඉල්ලීමක් කළේ‍ය.

මන්දපෝෂණ තත්වයන්ගෙන් පෙළෙන රත්නපුරේ  දරුවන් පිළිබඳ මෙම වාර්තාව පළාතේ  සෞඛ්‍ය අංශ ප්‍රධානීන්  විසින් රත්නපුර අතිරේක දිස්ත්‍රික් ලේකම් ගයානි කරුණාරත්න මහත්මියට දැනටමත් බාර දෙනු ලැබ ඇතැයි  වාර්තා වේ.



අදහස් (4)

රත්නපුරේ දරුවන් 1336 කට මන්දපෝෂණය

MAHESHPERERA Tuesday, 10 January 2023 12:31 AM

තොපිට ඕවා පේන්නේ චන්දේ ලං වෙනකොටද නරියෝ

:       1       10

Siriyawathi Tuesday, 10 January 2023 04:52 AM

ගණන් හද හද ඉන්න...

:       0       0

Chandanie Tuesday, 10 January 2023 08:53 AM

ඉතින් ඔයාලා එකතුවෙලා 2019 ජනාධිපතිවරණය සඳහා ඇටවූ උගුලේ සෞභාග්‍යය තමයි ඔය තියෙන්නේ දැන් ඕවා කියලා වැඩක් නැහැ. රටේ ජනතාවගෙන් සමාව ඉල්ලා අස්වෙලා යන්නකෝ...!

:       0       0

sharm warn Tuesday, 10 January 2023 09:47 AM

ඇයි අර අටවන පින පම්පොරි ගහන්නෙ උද්නය මාසෙකට 3% ගානෙ බැහැලාය. . රට ගොඩ නැගීගෙන එනවාය එකය මෙකය කිය කිය?? කොහොමද එතකොට දරුවන්ට මන්ද පොෂනය හැදෙන්නෙ? තමන් විසින් තමන්ව ම නිරුවත් කර ගන්න පිස්සො ඉන්න රටක් තියෙනව නම්. .එ මෙ රට විතරයි...

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 208 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site