IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


රත්තරන් තොගයක් මන්නාරමෙන් අල්ලයි

(යොහාන් භාසුර )

මුහුදු මාර්ගයෙන් මෙරටින් රැගෙන යාමට උත්සාහ රත්තරන් කිලෝ 2 යි ග්‍රෑම්150 ක පමණ තොගයක් සමඟ සැකකරුවන් පස් දෙනෙක්, ඩිංගි යාත්‍රාවක්, ත්‍රීරෝද රථයක් සහ යතුරු පැතියක් මන්නාරම, ඔළුතුඩුවායි ඉදිරි මුහුදු තීරයේ භාරයට ගත් බව නාවික හමුදාව පැවසීය.

උතුරුමැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනය මන්නාරම, ඔළුතුඩුවායි ඉදිරි මුහුදු තීරයේදී කළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, එම මුහුදු ප්‍රදේශය ඔස්සේ යාත්‍රා කරමින් තිබූ සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂා කර එම ඩිංගි යාත්‍රාව තුල සූක්‍ෂම ලෙස සඟවා නීති විරෝධී ලෙස මෙරටින් රැගෙන යාමට උත්සාහ කළ රත්තරන් තොගය, සැකකරුවන් පස්දෙනා සහ වාහන භාරයට ගත් බව ද නාවික හමුදාව කීය.

ඔළුතුඩුවායි වෙරළ ප්‍රදේශය ආවරණය වන පරිදි වැඩිදුරටත් කළ පරීක්ෂාවේ දී, මෙම ජාවාරම සඳහා යොදා ගත් බවට සැකකෙරෙන ත්‍රීරෝද රථය සහ යතුරුපැදිය භාරයට ගත් බවත් එම සැකකරුවන් වයස අවුරුදු 28 ත් 56 ත් අතර වයසේ පසුවන වංකාලේ සහ මන්නාරම යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනාගත් බවත් නාවික හමුදාව සඳහන් කරයි.

 



අදහස් (0)

රත්තරන් තොගයක් මන්නාරමෙන් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 106 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site