IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


රතුකුරුස නිලවරණයට එරෙහි ඉල්ලීම විසි කරයි

(මනෝප්‍රිය ගුණසේකර)

ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ මහාසභා රැස්වීම සහ නිලවරණය පැවැත්වීම වළකාලන නියෝගයක් නිකුත් කරන්නැයි එහි ජාතික ලේකම්වරයා සහ මධ්‍යම පාලක මණ්ඩලයේ සාමාජිකයින් සිව් දෙනෙකු කළ ඉල්ලීමක් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා ප්‍රතික්ෂේප කළේය.

අධිකරණයේ එකඟතාවයකට පැමිණි කරුණක් සම්බන්ධයෙන් තහනම් නියෝගයක් නිකුත් කිරීමට හැකියාවක් නැතැයි පෙන්වා දෙමින් දිසා විනිසුරුවරයා අදාළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.

කොළඹ වෝටර්ස් ඒජ් හිදී හෙට දිනයේ (24) පැවැත්වීමට නියමිත රතුකුරුස සමාජයේ 2022 වර්ෂයට අදාළ මහා සභා රැස්වීම හා නිලවරණය පැවැත්වීම වළකාලන්නැයි ඉල්ලා එහි ජාතික ලේකම් නිමල් කුමාර මහතා සහ මධ්‍යම පාලක මණ්ඩලයේ සාමාජිකයින් සිව් දෙනෙකු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කරන ලදී.

කොළඹ වෝටර්ස් ඒජ් හිදී හෙට දිනයේ (24) පැවැත්වීමට නියමිත රතුකුරුස සමාජයේ 2022 වර්ෂයට අදාළ මහා සභා රැස්වීම හා නිලවරණය පැවැත්වීම රතුකුරුස සමාජයේ ව්‍යවස්ථාවට පටහැනි බවත්, රතුකුරුස සමාජයේ නිලවරණය පැවැත්වීමට රතුකුරුස සමාජය හා සරත් කුමාර නමැත්තා කොළඹ දිසා අධිකරණයේදී ඇතිකරගෙන ඇති සමථය නීති නීතිවිරෝධී බවත් පෙන්වා දෙන පෙත්සම්කරුවෝ එහෙයින් එම මහාසභා රැස්වීම සහ නිලවරණය පැවැත්වීම වළකාලන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටිති.

 



අදහස් (1)

රතුකුරුස නිලවරණයට එරෙහි ඉල්ලීම විසි කරයි

සචින්ත Friday, 23 June 2023 04:54 AM

2023 වසරේත් මාස හයක් අවසන් වෙලා තියෙද්දී 2022 සදහා මොන නිලවරණද කියලා හිතන්නේ මට විතරද

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 516 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1063 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site