IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


රණ බිම මතක සමරයි- ලක් අහස යට

(අංජුල මහික වීරරත්න)

 

තිස් වසරක යුද්ධයේ දී දිවිපිදූ රණවිරුවන්ට ජාතියේ උත්තමාචාරය පුද කිරීම සඳහා 14 වන ජාතික රණවිරු සැමරුම් උළෙල සේනාධිනායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ජයවර්ධනපුර ජාතික රණවිරු ස්මාරකය අසලදී අද (19) පස්වරුවේ පැවැත්විණි.

ආරක්ෂක අමාත්‍යංශය හා යුද හමුදා මූලස්ථානයේ සම්බන්ධීකරණයෙන් රණවිරු සේවා අධිකාරිය මෙම රණවිරු සැමරුම් උළෙල සංවිධාන කළේය.

සේනාධිනායක ජනාධිපති  රනිල් වික්‍රමසිංහ මහතා රණවිරු සැමරුම් භූමියට පැමිණීමත් සමඟ සමරු උත්සවය ආරම්භ කෙරිණි.

ජාතික ගීය වාදනයෙන් පසු දිවි පිදු රණවිරුවන් සිහිපත් කරමින් විනාඩි දෙකක නිහඬතාවක් ආරක්ෂා කොට ගෞරවාචාර පුද කෙරිණි.

බෞද්ධ ඇතුළු සර්ව ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව  උත්සවයේ කටයුතු ආරම්භ වූ අතර රටේ ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාව සුරක්ෂිත කිරීමට ජීවිත පරිත්‍යාග කළ යුද, ගුවන් හා නාවික හමුදාවන්හි, පොලිසියේ සහ සිවිල් ආරක්‍ෂක බලකායේ රණවිරුවන්ගේ මතකයන් හා වීරත්වය ඇගැයීම සඳහා රණ බෙර වාදනයක් ද පැවැත්විණි.

අනතුරුව ජනපති රනිල් වික්‍රමසිංහ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කථානායක මහින්ද යාපා අබේවර්ධන, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් යන මහත්වරු ඇතුළු මැති ඇමතිවරු, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති  ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා  මහත්වරු ප්‍රමුඛ  ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පති, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා හා  ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ඇතුළු හිටපු ත්‍රිවිධ හමුදාපතිවරු, රණවිරුවෝ සහ රණවිරු පවුල්වල  සාමාජිකයෝ රණවිරු ස්මාරකය පාමුල මල් කළඹ තබා රණවිරුවන්ට උත්තමාචාරය පුද කළහ.

දශක තුනක කාලයක් පැවති එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජය කර  අත්කරගත් යුද විජයග්‍රහණයට වසර 14ක් සපිරෙන අතර එම යුද්ධයේදී දිවි පිදූ යුද, ගුවන්, නාවික, පොලිස් සහ සිවිල් ආරක්ෂක බලකායේ  රණවිරුවන්  28,619 දෙනෙක් මෙහිදී සැමරීමට ලක් කෙරිණි.27,000කට අධික ආබාධිත වූ රණවිරුවන්ටද මෙහිදී  ජාතියේ ප්‍රණාමය පළ කළේය.



අදහස් (5)

රණ බිම මතක සමරයි- ලක් අහස යට

නිහාල් Friday, 19 May 2023 07:03 PM

ආගම බේරා ගැනීමේ ව්‍යාපෘතිය වගේම රට බේරාගැනීමේ සටන ඇරඹුණා... සැදැහැ සිතින් ඡන්දය ලබා දී සදාකාලික රැවටීම ළඟාකරගන්න...

:       14       6

මරණයFriday, 19 May 2023 07:28 PM

එක අතකට එහෙම හොඳයි. නොදන්න කයියන්ට ඡන්දෙ ලබාදී මරණය ළංකර ගන්නවාට වැඩියි...!

:       8       13

සමන් විමල් Friday, 19 May 2023 08:22 PM

මම හිතුවේ තොප්පිගල කැලෑවක් කියපු අයට විලි ලැජ්ජාවක් තිබුණද කියලා...?

:       0       2

සුපුන් Friday, 19 May 2023 09:28 PM

ඒ දවස්වල කිලිනොච්චි යනවා කියලා මැදවච්චි ගියේ. අලිමංකඩ යනවා කියලා පාමංකඩ ගියේ... තොප්පිගල කැලයක්... ඕනෑ ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන්...

:       0       3

Bamunuarachchi Monday, 22 May 2023 05:46 AM

මේ යුද්දය දිනන්න බැහැ කියලා ප්‍රබාකරන්ට උතුර නැගෙනහිර බාරදෙන්න ISGA ගිවිසුම සකස්කරපු එක කාටත් අමතක වෙලා වගේ? ගූගල් කරලා කියවන්න ISGA ගිවිසුම.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 525 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site