IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


රට හදන විට කවුරුවත් අත්හරින්නේ නෑ

(අංජුල මහික වීරරත්න)

රටේ මෙන්ම ජනතාවගේ ද ආර්ථිකය ශක්තිමත් කිරීමට ගෙන යන වැඩපිළිවෙළේදී කිසිවෙකු පසුකර හෝ අතහැර යාමට රජය කටයුතු නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

පසුගිය ආර්ථික අර්බුදය හමුවේ බේදයකින් තොරව රටේ සියලු ජනතාව පීඩාවට පත් වූ බවත් එබැවින් රටේ ගොඩනැගෙන ආර්ථිකයේ ප්‍රතිලාභද එම සියලුදෙනාට හිමිවිය යුතු බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ඌවපරණගම, අඹගස්දෝව මහජන ක්‍රීඩාංගනයේ අද  (21) පැවති අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහල් බෙදාදීමේ 2024 ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවයට එක් වෙමිනි.

මෙම වැඩසටහන යටතේ මුළු දිවයිනම ආරවණය වන පරිදි අඩු ආදායම්ලාභී පවුල් මිලියන 2.74ක් වෙත අප්‍රේල් සහ මැයි මාස දෙකක කාලයක් සඳහා මසකට සහල් කිලෝ දහය බැගින් ලබා දීමට නියමිතය.

බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහළොවක ප්‍රතිලාභී පවුල් 191,548ක් සහල් සහනාධාරය ලැබීමට සුදුසුකම් ලබා තිබේ. අද දින පවුල් දහසකට සහල් බෙදා දීම සංකේතවත් කරමින් ප්‍රතිලාභීන් 25 දෙනෙකුට ජනාධිපතිවරයා අතින් සහල් මලු ලබාදීම සිදු විය. 

මීට සමගාමීව දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ අධීක්ෂණය යටතේ තෝරාගත් ප්‍රතිලාභීන් වෙත සහල් බෙදාදීම ආරම්භ කෙරිණි



අදහස් (6)

රට හදන විට කවුරුවත් අත්හරින්නේ නෑ

Kazi Shajahan Sunday, 21 April 2024 04:29 PM

ඔයාලාට දවස් 05 ක් කන්න රයිස් දීලා, රනිල් අපෙන් නිකන් කන්න හදන්නේ තව අවුරුදු 5ක් යනකන්, රැවටෙන්න එපා.., ඕවා රනිල්ගේ ගෙදරින් ගෙනාපු සල්ලි නෙවෙයි. අපේම බදුමුදල් සල්ලි.

:       11       24

ගමේ එකාලා Sunday, 21 April 2024 05:02 PM

රටේ අගමැති වෙලා උන්නා පස්වතාවක්... දැනුයි රට ගැන හිතන්න මතක් වෙලා තියෙන්නේ...

:       16       21

විජිත් Sunday, 21 April 2024 05:53 PM

මේ දවස්වල දේශපාලුවන් බෙදන සියලුම දේවල් අරගන්න. ඒවා ඔවුන්ගේ සල්ලිවලින් අරගත්තු ඒවා නොවෙයි, අපෙන් හොරාකාපු සල්ලි වලින් ගත්තු දේවල්...! ඒ නිසා එපා නොකියා, තර්ක නොකර ඒ සියලුම දේවල් ලබාගන්න. හැබැයි.., ඔය බඩු බෙදන කාටවත්, ඔවුන්ගේ පක්ෂ වලටවත් ඔබගේ වටිනා "ඡන්දය" දෙන්න එපා! ඒ ඔක්කෝම පට්ටම පට්ට හොරු නිසා...

:       10       21

Ranjan Sunday, 21 April 2024 07:23 PM

මහ බැංකුවට කෙලියා නේද?

:       11       13

Perera Sunday, 21 April 2024 11:43 PM

මේ වගේ ආධාර ලබන්න තරම් ජනතාව අසරණ තත්වයට පත්කළේ රට හූරන් කාපු දේශපාලකයෝ...

:       0       2

පිටරටවැසියා Monday, 22 April 2024 11:15 AM

කරුණාකර "අර්ජුන මහේන්ද්‍රන්වත්" පසුකර හෝ අතහැර නොයන්න...ස්තූතියි ඔබට !!!

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 23 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 140 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 986 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site