IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


රට හදන්න පාඨලීගෙන් යෝජනාවලියක්

(සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තු මන්ත්‍රී  පාඨලී  චම්පික රණවක මහතා ගුණාත්මක රාජ්‍ය සේවයක් සඳහා අලුත්ම යෝජනාවලියක් ඉදිරිපත් කළේය.

ඔහු මෙම යෝජනාවලිය ඉදිරිපත් කළේ ව්‍යාපාරිකයන් පිරිසක් සමග පැවති සාකච්ඡාවකදීය.

ගුණාත්මක රාජ්‍ය සේවයක් සඳහා සැලසුම් එක්සත් ජනරජ පෙරමුණ සතු බව  ඔහු මෙහිදී සඳහන් කළේය

පාටලී චම්පික රණවක මහතා එහිදී මෙසේද පැවසීය.

රට සංවර්ධනය සඳහා රාජ්‍ය සේවය ශක්තිමත් විය යුතුය. ඊට වර්තමානයේ පවතින ගැටලු විසඳීම අනිවාර්ය වෙයි. වසර 2005 දී ලක්ෂ හයක් වූ රාජ්‍ය සේවක සංඛ්‍යාව මේ වනවිට ලක්ෂ 14 ක් දක්වා වැඩිවී ඇත. ඔවුන්ගේ සේවා කාර්යක්ෂමතාව වර්ධනය කිරීමෙන් රාජ්‍ය සේවයේ ඵලදායීතාව වර්ධනය කිරීමේ හැකියාව ඇත. එහිදී සේවා ගුණාත්මකභාවය පිළිබඳ දර්ශක මත පදනම් ක්‍රමයක් හඳුන්වාදීම සුදුසයි.  වඩා කාර්යක්ෂම, නිවැරදි සහ ඉලක්ක සපුරා ගන්නා සේවකයන් සඳහා උසස්වීම් හා වැටුප් වර්ධක ලැබෙන ක්‍රමයක් සැකසිය යුතුය. දැනට සිදුවන්නේ වයස සහ සේවා කාලය මත පදනම් උසස්වීම් ක්‍රමයකි. එය දක්ෂතා සහ හැකියාව මත පදනම් වූ ක්‍රමවේදයක් දක්වා වෙනස්විය යුතුයි. එහිදී නිවැරදි, කාර්යක්ෂම සේවා සැපයීමට සේවකයන්  පෙලඹෙනවා. ඔවුන් අතර තරගකාරීත්වයක් නිර්මාණය වන අතර සේවා ගුණාත්මකභාවයට එය වැදගත් වෙයි.

මහජන නියෝජිතයන් සම්බන්ධවද මෙවැනිම ක්‍රියාවලියක් හඳුන්වා දීම අතිශය වැදගත් බවද පාඨලී චම්පික රණවක මහතා සඳහන් කරයි.



අදහස් (1)

රට හදන්න පාඨලීගෙන් යෝජනාවලියක්

chandima Wednesday, 14 February 2024 12:04 AM

චන්දෙ කිට්ටුවෙනකල් දැනුම හංගා ගෙන නේ ඉඳලා තියෙන්නේ ?බලන්න ඒකෙත් හැටි .මොනතරම් ඥාන කෝෂයක්ද මේ වේලි වේලි ඉඳලා තියෙන්නේ ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 207 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site