(යොහාන් භාසුර)
මහ බැංකුවෙන් නැතිවුණා කියන මුදල් පොළවේ මහල් තුනක් යට නවීණ තාක්‍ෂණය උපරිමයෙන්ම ඇති අධි ආක්‍ෂිත ගබඩාවක තිබූ ඒවා බවත් එම හොරකම සඳහා අදාල ගබඩාවට කිසිඳු පිටස්තර පුද්ගලයෙක්ට ඇතුල්විය නොහැකි බව සක්සුදක් සේ පැහැදිළි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසීය.
මෙය එය බැංකුව ඇතුළෙන්ම වූ අභ්‍යන්තර සොරකම් යැයි කී මහාචාර්යවරයා මේ පිළිබඳව අවශ්‍ය ප්‍රමාණයට අවධානය අපේ රටේ ජනතාව යොමුකර නොමැති බව ද සඳහන් කළේය.
එම අධි ආරක්‍ෂිත ගබඩාව තුළ අපේ රටේ මුදල් පමණක් නොව මහා භාණ්ඩාගාරයට අයිති රන්, රිදී සහ විදේශීය මුදල් නෝට්ටු වැනි මහා විශාල වටිනාකමක් ඇති දේවල් ඇති බවත් ඇතුලේ ඉන්න මිනිස්සුන්ට ඒවා සොරකම් කරන්න පුළුවන්නම් ඒවායේ සුරක්‍ෂිතභාවය පිළිබඳව ගැටලුවක් ඇති බවත් ඒ මහතා කීය.
මෙම සොරකම තවත් මහ බැංකු මල්කොල්ලයකට ප්‍රවේශයක් දැයි ප්‍රශ්න කරන බව කී මහාචාර්යවරයා අවංක සහ අංග සම්පූර්ණ විමර්ශනයක් කර එහි වාර්තාවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම රජයේ ප්‍රමුඛ වගකීමක් බව ද සඳහන් කළේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
රටේ සම්පත් අනතුරේ
මහී Tuesday, 25 April 2023 07:42 AM
මේ මහාචාර්ය හිගන්නා අතන මෙතන දෙසා බාන පච බලන්න නෙමේ අපි පත්තරේ දිග අරින්නේ. මීට වඩා වැදගත් පුවත් නැතිද ?
ප්‍රදීප් Tuesday, 25 April 2023 02:03 PM
මේ මිනිහගෙ කතා දැක්කම අපිට නම් ලංකාදීප පත්තරේම එපා වෙනවා ඒත් ඉතින් මොනවා කරන්නද 2019 වනවිට මොහුගේ කතාව පිළිගන්න ලක්ෂ හැටනවයක් හිටිය රටක් තමයි තියෙන්නෙ