(යොහාන් භාසුර)
විදේශ රැකියාවල නියුතු ශ්‍රමිකයින්ට පූර්ණ විද්‍යුත් වාහන මෙරටට ගෙන්වීමට ප්‍රේෂණය කර ඇති විදේශ විනිමය ප්‍රමාණය සළකා බලන කාලසීමාව මෙම වසරේ සැප්තැම්බර් මස 15 දක්වා දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය ලැබුණු බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.
කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා කැබ්නට් මණ්ඩලයට එම යෝජනාව ඉදිරිපත් කළ අතර පනවා ඇති ආනයන සීමා හේතුවෙන් මෙරටට වාහන ආනයනය සඳහා අවසර ලැබී ඇත්තේ විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට පමණි.
ඒ අනුව පරිසර හිතකාමී විද්‍යුත් වාහන ගෙන්වීමට විදේශගත ශ්‍රමිකයින්ට අවස්ථාව ලැබී ඇති අතර ජාතික ආර්ථිකය ඉහළ නැංවීම සඳහා විදේශගත ශ්‍රමිකයින් නිවැරදි මාර්ග ඔස්සේ මෙරටට එවනු ලබන විදේශ විනිමය දිරිගැන්වීමේ අරමුණින් විදෙස්ගත ශ්‍රමිකයින්ට පූර්ණ විද්‍යුත් වාහන මෙරටට ගෙන්වීමට බලපත්‍ර ලබා දීමේ ක්‍රමවේදය පසුගිය වසරේ හඳුන්වා දුන්නේය.
එහිදී විදේශගත ශ්‍රමිකයින් පසුගිය වසරේ (2022) මැයි මස 1 වැනිදා සිට දෙසැම්බර් මස 31 වැනිදා දක්වා කාලයේදී එවූ විදේශ ප්‍රේෂණ ප්‍රමාණය මත පදනම්ව විද්‍යුත් වාහන ආනයනය සඳහා බලපත්‍ර දීම සිදු වුවද, එම කාලය දීර්ඝ කිරීමට අමාත්‍ය මණඩල අනුමැතිය ලැබී තිබේ.
2025 දෙසැම්බර් මස 18
525
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රට විරුවන්ට විද්‍යුත් වාහන ගෙන්වීමේ කාලය දිගු කරයි
Bamunuarachchi Friday, 19 May 2023 03:20 PM
කලින් විදෙස් සේවයේ සිට විදෙස් විනිමය ඩොලර් ලක්ෂ ගණනින් එවා ඇති අයට විද්‍යුත් වාහන ගෙන්වීමේ අවස්ථාව දෙන්නේ නැද්ද? එසේ නොදුන්නොත් නමින් ඇති මුදල් ආපසු විදේශවලට ඇදගන්නවා...
Kumara Friday, 19 May 2023 05:49 PM
බේරෙ වැවට තාම බැස්සේ නෑනේ...
Bamunuarachchi Saturday, 20 May 2023 03:29 PM
මේ බක බක ගාන්නේ බෙරේ ඉන්න ගෙඹි තඩියෙක්ද? වාහන ගෙන්වීමයි බේරේ වැවයි... අතර තිබෙන සම්බන්දය මොකක්ද? මෙයා ඉස්කෝලයකට ගොඩවෙලා නැහැ වගේ...
Harsha Friday, 19 May 2023 07:59 PM
හොඳ වැඩක්...
Chaminda Saturday, 20 May 2023 08:06 AM
නැහැ.. නැහැ.. කාලය දික්කරන්න ඕනෑ නැහැ...