(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
තානාපතිවරු සිවුදෙනකු සහ නිත්‍ය නියෝජිතවරියන් දෙදෙනකු පත්කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවූ බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.
ඒ අනුව, ප්‍රංශ ජනරජයේ නව ශ්‍රී ලංකා තානාපතිවරිය සහ එක්සත් ජාතින්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානයේ (UNESCO) මෙරට නිත්‍ය නියෝජිතවරිය ලෙස නිරෝෂණී මනීෂා ඩයස් අබේවික්‍රම ගුණසේකර මෙනවිය පත් කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවිය.
එමෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලාංකා නිත්‍ය නියෝජිතවරිය ලෙස හිමාලී සුභාෂිණී ද සිල්වා අරුණතිලක මහත්මිය පත් කිරීමටද එම කාරක සභාව අනුමතිය දුන් බව මහ ලේකම්වරයා සඳහන් කළේය.
තවද ජර්මන් ෆෙඩරල් සමුහාණ්ඩුවේ නව ශ්‍රි ලංකා තානාපතිවරිය ලෙස ලංකා වරුණි මුතුකුමාරණ මෙනවිය පත් කිරීමටත් ජෝර්දාන් හැෂ්මයිට් රාජධානියේ නව ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස ජේ.ඒ.ඩී.එස්. ප්‍රියංගිකා විජේගුණසේකර මහත්මිය පත් කිරීමටත්, වියට්නාම් සමාජවාදී සමූහාණ්ඩුවේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස සජීව උමංග මෙන්ඩිස් මහතා පත්කිරීමටත් උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව අනුමතිය ලබා දුන්නේය
උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී පසුගියදා රැස්විය. මෙම රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන ඩබ්ලිව් ඩී ජේ සෙනෙවිරත්න, අනුර ප්‍රියදර්ශන යාපා, තලතා අතුකෝරළ, විජිත හේරත්, ධර්මලිංගම් සිද්ධාර්තන් සහ උදය ගම්මන්පිල යන මහත්ම මහත්මීහුද සහභාගීවූහ.
2025 දෙසැම්බර් මස 16
102
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
907
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
621
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
රට වෙනුවෙන් රට යවන ලොක්කො 6කට මැතිසබේ අනුමැතිය