IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


රට වැටිලා නෑ:වැටී ඇත්තේ පාලකයන්

(රංජිත් රාජපක්ෂ)

අපේ රට දුප්පත් රටක් නොවෙයි. සම්පත්වලින් බහුල රටක්. දුප්පත් රටක් නම් රට වැසියන්ගෙන් මෙතරම් බදු මුදලක් අය කරන්නේ ඇයි ? අපේ රට වැටිලා නැ , වැටිලා තියෙන්නේ ආණ්ඩුව නැතිනම් පාලකයෝ යැයි බව ශ්‍රි පාදස්ථානාධිපති සබරගමු පළාත් ප්‍රධාන සංඝ නායක බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියෝ පවසති.

රටක් පවත්වාගෙන යන්න බදු මුදල් අවශ්‍යයි , රටේ ජනතාවත් පොහොසත් කරලා රටත් පොහොසත් වෙන්න ඕනි. රටේ පවතින්නේ පරිපාලන ගැටළුවක් මිස අපේ රටේ වැටීමක් නොවේ.

ශ්‍රි පාදස්ථානාධිපති හිමියන් ඒ බැව් කියා ශ්‍රි පාද වන්දනා වාරය ආරම්භ කිරිම සම්බන්ධයෙන් නල්ලතන්නිය ග්‍රාමසේවා කාර්යාලයේ පැවති සාකච්ඡාවේදිය.

 



අදහස් (11)

රට වැටිලා නෑ:වැටී ඇත්තේ පාලකයන්

ravin Friday, 10 November 2023 03:28 PM

අම්මා අප්පා විකුනලා හරි බලයෙ ඉන්න පුලුවන් නම් එකත් කිරිමට පසු තැවිලි නොවන පාලකයනුයි අපිට ඉන්නෙ.

:       3       23

රංබොජ Friday, 10 November 2023 03:49 PM

ඒ කතාවනම් මසුරන්. මහා සංඝරත්නයේ දැක්ම කොහොමත් නිවැරදියි.

:       7       23

Bamunuarachchi Friday, 10 November 2023 04:37 PM

මොනවද අපේ රටේ තිබෙන සම්පත් අපේ හාමුදුරුවනේ...? අර තිබෙන මිනිරන් ටිකයි, පොස්පේට් ටිකයි හැරෙන්න වෙන මොනාද තිබෙන්නේ. තේ, පොල්, රබර් වගාව විනාශ වෙලා. මිනිස් ශ්‍රමය ගන්න බැහැ.. ඉන්නේ ශරීර හොරු. සුළු සුළු කර්මාන්ත ටිකක් තිබෙනවා. විදේශිකයින් මේ රටට ගෙනා කර්මාන්ත, ආයෝජන, ව්‍යාපාර කාලකන්නි ජෙප්පෝ ඔවුන් රටින් පන්නා දමා ඒ ව්‍යාපාර විනාශ කළා...

:       0       9

Lal Friday, 10 November 2023 05:47 PM

මහා සංඝ රත්නේටම තමා මහා විශාල සද්ද ඇහුනේ කාලයක්...!

:       0       11

පියනන්ද Friday, 10 November 2023 05:52 PM

ඉතිං ඔබ වහන්සේ ශ්‍රි පාදස්ථානයේ ලයිට් බිල ගෙවලා ආදර්ශයක් දෙන්නකෝ... අනික් පන්සල් වලටත්. බදු ගෙවීම අවශ්‍ය බව පිළිගෙන තියෙනවානේ. ලබා ගත් සේවාවක් වෙනුවෙන් ගාස්තු ගෙවිල්ල බදු ගෙවිල්ලටත් වැඩිය මූලික තැනක් දෙන්න ඕන දෙයක් නේද?

:       1       10

උපාසක Saturday, 11 November 2023 08:42 AM

හාමුදුරුවෝ ශ්‍රීපාදස්ථානයේ විදුලිය බිල් ගෙවන්න අවශ්‍ය නැහැ.. මොකද කොතලාවල ඇමැතිවරයා පසුව අගමැති වුණා.. එතුමා මුලින්ම ශ්‍රීපාදස්ථානයේ විදුලිය නොමිලේ දීමට භාරයක් වෙලා තමයි ලංකාවේ ජල විදුලිය නිපදවීම සාර්ථක වුනේ එම පොරොන්දුව සදාකාලික එකක් නිසා ඔහොම කීම වැරැදියි...!

:       3       3

Prabha Friday, 10 November 2023 06:18 PM

එහෙමනම් ඔය කෝටි ගාණක් ලැබෙන ආදායමෙන් කොටසක් බදු විදිහට දීලා ආදර්ශයක් පෙන්නන්න...

:       4       9

ajith Friday, 10 November 2023 07:21 PM

රාජ්‍ය සේවා වැටුප්, විශ්‍රාම වැටුප්, සෞඛ්‍ය සේවා, නිදහස් අධ්‍යාපනය, සමෘද්ධි, මාර්ග නඩත්තුව වැනි සේවා "නොමිලේ" ලැබෙන දේවල් නොවේ. මේ වියදම් සපුරා ගැනීමට බදු මුදල් අවශ්‍යයි. අපි කියන්න අකැමැති වුණත්, තිත්ත ඇත්ත නම් මේ රට තෙල්, ගල් අගුරු, යපස්, තඹ, ස්වාභවික වායු වැනි ඛනිජවලින් හිඟ දුප්පත් රටක්... අපට සම්පතක් හැටියට ඇත්තේ මානව සම්පත පමණයි...!

:       2       12

karumayaFriday, 10 November 2023 09:36 PM

රාජ්‍ය සේවා හොරගුහාව මේ රට වැටෙන්න එක හේතුවක් තමයි... මහජනතාවගෙන් ගන්න බදුමුදල් හොරාකෑම...

:       0       0

චාන්දනී Saturday, 11 November 2023 05:48 PM

තෙල්, ගල් අඟුරු තඹ නැහැ තමයි... ඒත් ලෝකයේ හොඳම මිනිරන් යපස්, ඉල්මනෛට් වගේ දේවල් හා අගනා මැණික් සම්පත් ලංකාවට තියෙනවා... හරියට සොයා බැලුවොත් ස්වාභාවික ගෑස් හා තෙල් සම්පත් තියෙන්න පුළුවන්... ඒවා ගන්නවට ඉන්දියාව අකමැති ඇති, ලංකාවේ මානව සම්පත් තිබුණාට ඒක හරියට හරක් ගාලක හරක් වගෙයි... ගාල ලිහුවාම කඩාගෙන යනවා සිතා බැලීමක් නැතුව... මොකෙක් හෝ පාලනය සඳහා යොදාගන්නවා. පුද්ගලික වාසියට කටයුතු කරනවා මිස රටේ දියුණුව ගැන බලන්නේ නැහැ...

:       2       1

de silva Saturday, 11 November 2023 03:00 PM

දේශපාලකයෝ වැටිලා නැහැ.. ඔවුන් පරම්පරා ගණනකට හම්බු කරගෙන ඉන්නේ, ඔබවහන්සේට ලැබෙන පඬුරු සහ ආධාරවලින් විදුලිබිල, ආදායම් බදු එහෙම ගෙවලා ආදර්ශයක් දෙන්න... අධික ලාබ ලැබූ පුද්ගලයන් සහ ආයතන අතීතයේදී නිසි ලෙස බදු ගෙවීම පැහැර හැරීමත් රටේ ආර්ථිකය කඩ වැටීමට එක හේතුවක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 6 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 807 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site