IMG-LOGO

2025 ජුලි මස 05 වන සෙනසුරාදා


රට වැටෙන බව කලින් දැනගෙන හිටියා අහන්න හිටියේ බිරිඳ විතරයි

(අංජුල මහික වීරරත්න)

රට වැටෙන බව අවුරුදු දෙකකට කලින් දැනගෙන හිටියත් ඒ බව කියන්නට තම බිරිඳ හැර වෙන කවුරුවත් නොසිටි බව මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ඊයේ(18)පැවසීය. ලේකම් මහින්ද සිරිවර්ධන මහතා මේ බව පැවසූයේ ධුරයෙන් විශ්‍රාම යාම වෙනුවෙන් ජනාධිපති කාර්යාලයේ පැවැති උත්සවය අමතමිනි.

ඒ මානසික පීඩනය තවමත් දැනෙන බව කී සිරිවර්ධන මහතා තමන් පැවසූ දේවල් මුදල් මණ්ඩලයේ හෝ වෙනත් කිසි කෙනෙක් ගණන් නොගත් බවද සඳහන් කළේය.

ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ පැවති උත්සවයේදී මහින්ද සිරිවර්ධන මහතා මෙසේද කීය.

"අප්‍රේල් 8 වෙනිදා මම වැඩ බාර ගත්ත දවසේ නෙමෙයි,මේ රට වැටෙන බව මම අවුරුදු දෙකකට කලින් දැනගෙන හිටියා.මට මේක කියන්න වෙන කිසිම කෙනෙක් හිටියේ නෑ.මම ගවනර්ට කිව්වා.ගෙදර ගිහිල්ලා මම හැමදාම කිව්වෙ මගේ බිරිදට.ඒ මානසික පීඩනය තාමත් මට දැනෙනවා.

මේ අර්බුදය සමග මා අවුරුදු පහක් දුක් වින්ද මනුස්සයෙක්.මම මේක දැනගෙන හිටියා .ඒත් කරන්න දෙයක් තිබුණේ නෑ .මම කියපු දේවල් කවුරුත් ගණන් ගත්තේ නෑ.මුදල් මණ්ඩලයේ ගණන් ගත්තෙත් නෑ. ඒ දවස්වල හිටපු අධිපතිවරු ගණන් ගත්තෙත් නෑ.මේ තත්ත්වය එනවා කියලා සක්සුදක් සේ පැහැදිලි වුණා.නමුත් ඒ අනතුරු ඇඟවීම් වලට නිසි අවධානයක් යොමුවුණේ නෑ.මේ අර්බුදයේ 2020 සිට අද වනතුරු ඉන්න එකම ජ්‍යෙෂ්ඨයා මම වෙන්න පුළුවන්.ඒ අත්දැකීම් වලින් තමයි මම මේ ඉතා වගකීමෙන් කියන්නේ යනුවෙන්ද මහින්ද සිරිවර්ධන මහතා කීය.



අදහස් (24)

රට වැටෙන බව කලින් දැනගෙන හිටියා අහන්න හිටියේ බිරිඳ විතරයි

ගුණරත්න Wednesday, 18 June 2025 08:38 PM

ගෝඨාභය පොහොර තහනම් කරනකොට, කහ තහනම් කරනකොට රට වැටෙනවා කියලා කවුරුත් දැනගත්තා. එහෙම අමාරු කාලෙකත් රට අමාරුවේ වට්ටන්න කතා කරපු පිරිසක් තමයි දැන් ආණ්ඩුව කරන්නේ. අමතක නම් මතක් කරගන්න විදේශ විනිමය එවන්න එපා කියලා කිව්වේ කවුද කියලා...!

:       4       11

Bandara Wednesday, 18 June 2025 08:42 PM

එතකොට රනිල් ආවට පස්සේ මොකුත්ම වුනේ නැද්ද?

:       19       62

PereraThursday, 19 June 2025 06:26 AM

බණ්ඩාර, රනිල් මාධ්‍ය ඉස්සරහ මහ වැඩ්ඩෙක් වගේ පෙනුණාට, මිනිහා නිකන් පුස්සක් බව 1977 ඉඳන් මේ දක්වා කෙරුවාවල් වලින් පැහැදිලි නැද්ද?

:       3       3

randil dunuwilleThursday, 19 June 2025 08:52 AM

බණ්ඩාර මහත්තයෝ එයා ආවට පස්සේ බාර් පර්මිට් වැඩිවුනානේ දන්නේ නැද්ද?

:       12       10

Perera LDThursday, 19 June 2025 09:31 AM

රනිල් එනකොට වැටිලා ඉවරනේ. මම හිතන්නේ මෙතන කියන්නේ ඊට කලින් හිටපු අය ඇහුවේ නෑ කියලා.

:       1       18

disanaayakaThursday, 19 June 2025 09:39 AM

බණඩාර මහත්මයා අපේ සමාජයේ තිබුණු ගුණධර්ම කෙතරම් පිරිහී ඇතිද යන්න පෙන්වන හොඳ පැතිකඩක් තමයි මේ. මා අතීතයේ පටන්ම වාම වැඩි ප්‍රවාහය සමග කටයුතු කල කෙනෙක්. නමුත් රනිල් මහතා නොසිටින්න අද අපේ රට පත්වන්නට තිබුණු ඉරණම හිතාගන්නටවත් බැහැ . 2022 දී මිනිස්සුන්ට තම ආත්ම ගෞරවය පසෙක ලා දවස් ගණන් පාරේ රස්තියාදු වෙන්න සිදු උනා . තව ටිකක් දුර ගිය නම් හාමතේ මිනිස්සු මැරෙනවා . චන්ඩි බයේ ඇඳන් යට හැන්ගේද්දී රනිල් මහතා ගිලෙමින් තිබුණු නැව පරිස්සමෙන් වරායට ගෙනාවා . ඒ මනුස්සයට චන්දෙ නොදුන්නත් ඔහු කල ක්‍රියාව අගයන්න තරම්වත් මේ කාලකන්නි සමාජයේ බහුතරයකගේ කාලගුණ සැලකීමේ ගුණය හිත්වල නැහැ . මෙවැනි ගුණමකු සමාජ වලට ඇත්තටම පැවැත්මක් නැහැ .

:       11       24

ravin Wednesday, 18 June 2025 09:23 PM

වැටත් නියරත් ගොයම කානම් කාට කියන්නද ඒ අමාරුව කීවහේ දැන් ඉතින් ගෙදර ගිහිල්ලා නෝනත් එක්ක විශ්‍රාමික දිවිය ගැන හිතන්න. අපෙන් සුභ පැතුම්

:       0       1

Chandima Wednesday, 18 June 2025 09:44 PM

බණ්ඩාර මල්ලී, රනිල් කියන්නේ කාගේවත් ආවවාද අහන කෙනෙක් නෙමෙයිනේ . සියල්ල දත් කෙනෙක්. ඉතින් ඔයා කියපු දේවල් අහයිද ?

:       1       0

PGPTHILAK Wednesday, 18 June 2025 10:18 PM

රට වැටෙන්න දර දිය ඇද්දේ ගොවිතැන් කරලා දෑතේ වීර්යයෙන් ජීවත් වෙන අපිද? තමන්ගේ බඩගෝස්තරය රැකගන්න දේසපාලුවන්ට කඩේ යමින් යමින් වැල යන පැත්තට මැස්සගහන ටයි කෝට්ඔ දමන ඔහෙලද? අනූරටත් ලැජ්ජා නැද්ද මේවගෙ හෘද සාක්ෂියක් නැති එවුන්ට පදක්කම් දෙන්න?

:       0       1

වලේසුදා Wednesday, 18 June 2025 11:31 PM

කොවිඩ් ගැන කවුරුත් කතා නෑ. ගෝඨාභය මහතා ගෙනපු මහ බැංකු අධිපති තුමා තමයි තාම ගේම ගහන්නෙ. රනිල් මහතත් සෑහෙන දුරට ඇදගෙන ආවා. දැන් කවුරුත් බයිලා ගහනවා

:       0       2

Nilantha Thursday, 19 June 2025 05:24 AM

මෙයට පෙර පැවැත්වූ ජනාධිපතිවරණ හා මහා මැතිවරණ අවස්ථාවල රනිල් කොච්චරවත් කිව්වා... ඒත් ඔහුට විරුද්ධ පක්ෂවල අයගේ කතා විශ්වාස කල ඡන්දදායකයින් රනිල් කියපුදේ විශ්වාස නොකර ධනරින ගොතා කියපු මහ දවාලේ මහ බැංකුව කැඩූ හොරා කියමින් ඔහුව පරාජයට පත්කළා... මෙතුමාත් එම අදහසේම සිටියත් දුරදිග නොබලා කටයුතු කරන එවෙලේ කට බඩ ගැන පමණක් හිතන ඡන්ද දායකයින් සිටිනතුරු මේ රට හදන්න නම් බැහැ...

:       0       2

Neel Thursday, 19 June 2025 05:58 AM

කරපු දේවල් ගැන තමයි අද කීවේ. මතක නැද්ද මහ බැංකුවට මහ දවල් දුන්නු ගේම..?

:       3       3

MD Thursday, 19 June 2025 07:56 AM

ඕවා ඉතින් දැන් මොන මොන විදියට අර්ථ කථන ඉදිරිපත් කරමින් ඔයා සුදනා වෙන්න හැදුවත් ඔයාලා රට වැටෙනකන්ම ඔතැන හිටියානේ ඉල්ලා අස්නොවී. ගොඩක් අය අලුතින් වරප්‍රසාද ගෞරවයන් සම්මාන හම්බ වෙනකොට නැති ගුණ වර්ණනා කරගන්නවා. මේක ශ්‍රී ලංකාව හොඳේ. යහපත් විශ්‍රාම ජීවිතයට ආසිරි...!

:       0       4

Jay Thursday, 19 June 2025 08:51 AM

@bandara.. ඇයි උනේ .රෝසිගේ පෝෂි එක වේයෝ කෑවේ

:       10       7

pakeer Thursday, 19 June 2025 09:32 AM

ඔයා මෙච්චර උගත් වෙලාත් අවුරුදු 2කට කලින් ද දැනගත්තේ ?මම නම් දන ගත්තේ මීට අවුරුදු 40 කට විතර කලින්

:       6       4

Jayasekara Thursday, 19 June 2025 09:52 AM

ඇහුම් කන් දෙන්නේ කොහොමද? එතකොට උන්ට තිබුනේ ගසාකන්නේ කොහොමද කියලා විතරනේ .ඔය පේන්නේ නැද්ද පවුල් පවුල් පිටින් උසාවි ගානේ

:       3       15

DISAThursday, 19 June 2025 11:12 AM

ජයසේකර ඔය කන්ටේනර් 323ක් හොර පාරෙන් යාමත් ලොකුම හොරකමක් තමයි . හොර වැඩ කරන හැම එකාම හොරු තමයි . මාලිමාවේ අයියලත් කයිවාරු ගැහැව්වට ප්‍රතිපත්ති නැති පිරිසක් බව ප්‍රාදේශීය සභාවල බලය පිහිටවූ ආකාරය අනුව පැහැදිලියි . උනුත් එකයි මුනුත් එකයි තොපිත් එකයි . ආයේ එකේ වෙනසක් නැහැ .

:       9       14

යෝගා Thursday, 19 June 2025 10:01 AM

රට වට්ටන්න ලොකුම වැඩ කොටස කලේ ජෙප්පො කියලා දැනගත්තේ කවදාද?

:       12       22

Lalla Thursday, 19 June 2025 11:11 AM

ආදායමට වඩා වියදම කර ණය ගෙන ණය පියවනකොට කවදා හෝ බංකොළොත්බව ලබන බව පුන පුනා ආර්ථික කටයුතු ගැන දැනුවත්ව කියපු අය ඕනෑතරම් රූපවාහිනි නාලිකාවල කතා කලා. ඒත් කවුද ඇහැව්වා කියන එක ඇත්ත. ගසාකෑම මූලික ආදායම කරගත්ත දේශපාලන නායකත්වය මෝඩ ලෙස විශ්වාස කල ඡන්ද දායකයෝ තමා ලොකුම විනාශය රටට කලේ.ඒත් රනිල් වික්‍රමසිංහ මහතාට දේශපාලන මතවාද මොනව වූවත් ස්තුතිය පුද කල යුතුයි නේද?

:       2       13

fairoos Thursday, 19 June 2025 11:39 AM

පොහොට්ටුවේ සෙට් එකයි... ගෝඨාභය තමයි රට කෑවේ. කාලකණ්ණින්ට හොඳක් සිද්ද වෙන්නේ නැහැ.

:       3       4

Malaka sameera Thursday, 19 June 2025 01:00 PM

ඕක කියන්න තිබුණේ රනිල් ඉන්නකොට

:       0       4

prasanna Thursday, 19 June 2025 02:50 PM

FCID එකට බයවෙලා ශේප් එකෙන් මාරුවෙන්න යන්නේ

:       0       4

කපුරුහාමි Thursday, 19 June 2025 03:51 PM

රට වැටෙන බව සමහරවිට නොකීවේ දූෂිත පව්ල් පාලනේ අයට බයේ වෙන්ඩැති. සුදුවෑන් ඝාතන අතුරුදහන් මිනිමෝරු කැළෑ නීතිය රජ කරවපු හැටි දන්නෝ හොඳාකාරවම දන්නවා.

:       0       3

රොකට්ටුවා Thursday, 19 June 2025 05:30 PM

දූෂිත පව්ලක්ම තරගෙට හොරකම් වන්චා දූෂණ නාස්තිය කරනකොට රට වැටෙන එක අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. යුද්දේ තිබුණු කාලේවත් එහෙම වුනේ නැහැ. සුනාමි ආධාරත් හොරා කාලා, කොටින්ගෙන් අල්ලා ගත්තු වටිනා දේ රත්තරන් පවා කොල්ල කාලා, රටේ වටිනා සම්පත් පවා හොරාකාලා, කිසිම උගත් කමක්, සුදුසුකමක් නැති අයට සභාපතිකම් දීලා රටම කාබාසිනියා කෙරුවේ දූෂිතම පවුල් පාලනේ අය සහ වටේ හිටපු එවුන්...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 26 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 387 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 841 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site