IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


රට රැකියා දෙනවා කියා කෝටි 10 ක් වංචා කරලා

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

යුරෝපීය රටවල රැකියා ලබාදෙන බව පවසා පුද්ගලයන් රැසකගෙන් රුපියල් කෝටි දහයකට අධික මුදලක් වංචා කළ සැකකරු අත්අඩංගුවට ගත් බව මිරිහාන මූලස්ථාන පොලීසිය කියයි.

සැකකරුගේ  වංචාවට  පුද්ගලයන් 50 කට ආසන්න ප්‍රමාණයක් හසුව   ඇති බව පොලිසිය කියයි.

කැනඩාව නෙදර්ලන්තය ස්විස්ටර්ලන්තය ආදී රටවල  රැකියා ලබාදෙන බව පවසා තමන්ගෙන් රුපියල් ලක්ෂ 5 සිට 10 දක්වා මුදල් ප්‍රමාණයන්  පුද්ගලයකු  විසින් ලබාගෙන වසර එකහමාරක් තිස්සේ විවිධ කරුණු කියමින් මග හැර සිටින බවට මිරිහාන  මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක මංජුල තුෂාර මහතා හමුවී කරුණු කියා පෑමෙන් අනතුරුව  පැමිණිලි සටහන්කර විමර්ශන ආරම්භ කළ බව උසස් පොලිස් නිලධාරියකු පැවැසීය.

ඒ අනුව සැකකරුට විරුද්ධව මිරිහාන මූලස්ථාන පොලිසියට පමණක් පැමිණිලි පහළොවක් ලැබී ඇතැයි පොලිසිය සඳහන් කරයි.

ඊට අමතරව සැකකරු මේ ආකාරයෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයන් රැසක් රවටා සිදු කළ මුදල් වංචා සම්බන්ධයෙන්  දිවයිනේ පොලිසි රැසකට පැමිණිලි තිහකට අධික ප්‍රමාණයක් ලැබී ඇතැයි විමර්ශන සිදු කරන පොලිස් නිලධාරියකු පැවැසීය.

 කෝටි දහයකට අධික මුදල් වංචා වේ    සැකකරු කෝට්ටේ මාදිවෙල නිවසේ සිටින බවට ලද තොරතුරක් අනුව වහා ක්‍රියාත්මක වූ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා  පොලිස් කණ්ඩායමක් සමඟ ගොස් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත 

 

 

 



අදහස් (0)

රට රැකියා දෙනවා කියා කෝටි 10 ක් වංචා කරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 521 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 267 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1065 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site